දුෂණයට එරෙහි වන්නන් තනතුරු වලින් එලවා දැමූ වත්මන් ආණ්ඩුව දුෂණය නිල වශයෙන් පිළිගත් ආණ්ඩුවක් බවත් ව්‍යවස්ථාදායකය නිවට වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව 69 ලක්ෂයේ ජන වරමට පයින් ගසා කතාකිරීමේ අයිතියත් අහෝසි කර ඇති බවත් හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රනිල් වික්‍රමසිංහ සමඟ අවුරුදු 40ක් දේශපාලනය කර එයින් ඉවත් වී නැවතත් රනිල් සමඟ එක්වී සිටින සුදත් චන්ද්‍රසේකර තර්ජනන්විත් ප්‍රකාශයක් සිදුකර තිබෙන බව රොෂාන් රණසිංහ මෙහිදී සුදත් චන්ද්‍රසේකරගේ ප්‍රකාශය උපුටා දක්වමින් කියා සිටියේය.

“ගාමිණී දිසානායක මැරුවේ මෙහෙමයි, ලලිත් ඇතුලත්මුදලි මැරුවේ මෙහෙමයි, රොෂාන් රණසින්හවත් මහා මග මරල දැම්මොත් අපි වගකියන්නේ නෑ” -සුදත් චන්ද්‍රසේකර-

ඔහු වැඩිදුරටත් ප්‍රකාශකර සිටියේ කතානායකවරයාගෙන් ආරක්ෂාව ඉල්ලා සිටියත් තවමත් තමාට ආරක්ෂාව ලබාදීමට කටයුතු කර නැති බවත් මේ වන විට පාර්ලිමේන්තුව ආරක්ෂාවක් නොමැති තැනක් වී බවට පත්වී තිබෙන බවත්ය.