හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සමගි ජන බලවේගය විසින් තවත් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන අද ප්‍රකාශ කර තිබේ.

“රඹුක්වැල්ල ඇමැතිවරයාට එරෙහිව සති කිහිපයකට පෙර දෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට අපේ පක්ෂය තීරණය කළා. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව කල්තැබීමට යන බව දැනගෙන අපි අත්සන් ගත්තේ නැහැ. කෙසේවෙතත්, විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ගැනීම පෙබරවාරි 7 වැනිදා සභාව රැස්වූ පසු ආරම්භ කරනවා. දූෂණයට එරෙහිව යන්නේ කවුරුන්ද යන්න මහජනතාවට දැන ගැනීමට අපි මෙවර යෝජනාවට ලැබෙන අත්සන් ප්‍රකාශයට පත්කරනවා,” යැයි ඔහු පවසයි.

අධිකරණය හමුවේ හෙළිදරව් වෙමින් පවතින තොරතුරු අනුව හියුමන් ඉමියුනොග්ලොබියුලින් වංචාවට කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ සම්බන්ධය පැහැදිලිවන බවටද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පෙන්වාදී තිබේ.