ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණ තිබිණි.

එම සිද්ධිය පිළිබදව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (2) පෙරවරු 09ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙසට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයට අනුව ඔහු මෙලෙස පැමිණ ඇත.

ඒ, පැය 10කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.