2022 අවසන් වන විට පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ නිවෙස්වලට ලබාදී තිබූ විදුලි සම්බන්ධතා 74කට අදාළ රුපියල් මිලියන 16ක් නැවත ලබාගෙන නොතිබූ බව 2022 වාර්ෂික විගණකාධිපති වාර්තාව මඟින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවට අනුව එයින් සම්බන්ධතා 29 කට අදාළව රුපියල් මිලියන 5 ක් වසර හයකට වැඩි කාලයක් හිඟ ශේෂයක් සහිතව තිබෙන බව සඳහන් වනවා.

මේ අතර තවත් සම්බන්ධතා 30ට අදාළ රුපියල් මිලියන 3ක් වසරකට වැඩි කාලයක් නැවත අයකර නොගෙන හිඟ ශේෂයක් තිබූ බවයි එම වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.

මෙසේ තිබුයදී අද පාර්ලිමේන්තුව අමතමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට විදුලි බිල ගෙවාගැනීමට නොහැකිව රටේ ජනතාව ලක්ෂ 5කගේ විදුළිය විසඳි කර ඇති බවත් තවත් ලක්ෂ 50කට රතු නිවේදන නිකුත් කර ඇති බවත්ය.