මෙරට සමස්ත ජනගහනයෙන් 52% ක් කාන්තාවෝ වුනත් එම කාන්තායන්ගේ රැකවරණය, ආරක්ෂාව, වගකීම සහ ජීවනෝපාය සම්බන්ධයෙන් වර්තමාන රජය කිසිදු තැකීමක් නොකරන බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිදු වගකීමකින් තොරව කටයුතු කළත් ඉදිරියේ දී බිහි වන සමගි ජන බලවේග රජයක් තුළ කාන්තාවගේ ආර්ථික, සමාජීය හා දේශපාලන අයිතිය මීටත් වඩා තහවුරු කර කාන්තාවන්ට නිදහස් නිවහල් අාකාරයෙන් ජීවත් වීමට අවශ්‍ය සියලුම කරුණු තෘප්ත කරන බව පසුගිය දා (6) දැරණියගල දී සමගි වනිතා බලමණ්ඩලය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට බංකොලොත් භාවයට පත්ව ඇති අවස්ථාවක බෙහෙත් ටික ගේමට හෝ අවශ්‍ය විදෙස් විනිමය උත්පාදනය කර දෙන්නේ ඩොලර් සංචිත ශක්තිමත් කර දෙන්නේ මැදපෙරදිග දුක්විදින කාන්තාවන් සහ රණසිංහ ප්‍රේමදාස මහතා අැතිකළ ඇගලුම් කර්මාන්ත ශාලා තුළ සේවය කරන කාන්තාවන් වුවත් ඔවුන් නිවසේදීත් පොදු ප්‍රවනයේදීත් වැඩබිමේදීත් හිංසනයට ලක්වන බවත් මේ තත්ත්වය වළක්වා කාන්තාවන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට සමගි ජනබලවේග රජයක් තුළ සූදානම් බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

balavegaya 1
balavegaya 3
balavegaya 6
balavegaya 5
balavegaya 2