උත්තරීතර මව් පදවිය මේ වනවිට රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික තත්වයත් සමග දැඩි පීඩනයකට පත්ව තිබෙන අතර තම දරුවා බඩගින්නට කෑම ටිකක් ඉල්ලන, කිරි විදුරුවක් ඉල්ලන මොහොතක ගෙදර අම්මාට එය සපයන්න නොහැකි වුණාම ඒ අම්මා මොනතරම් කම්පනයට පත්වන්නේද යන්න මතුකරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මිය, මෙවැනි මොහොතක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙවර අගය කරයි.

එතුමිය කියා සිටින්නේ ගර්භනි මව්වරු 2500 කට අධික පිරිසකට යම් පරිත්‍යාගයක් සිදුකිරිමට විපක්ෂ නායකවරයා එකඟතාවය පළ කර තිබෙන බවත් මෙලොව එළිය දකින්න සිටින දරුවන් ගැන හිතන මෙවන් නායකයෙක් සමඟ වැඩ කිරිමට ලැබීමත් තමන් ලද භාග්‍යයක් බවයි.

රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි එම්. ජී. දේවිකා කොඩිතුවක්කු මහත්මිය ඊයේ (07) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මෙම අදහස් පැවසීය.

“යම් කිසි ස්ථානයකට කාන්තාවන් පිරිසක් ගෙනල්ලා , පුරුෂ පක්ෂයේ කතා දාලා කාන්තා දිනය සමරයි. මේ වගේ කාන්තා සැමැරුම් තමයි අපි රට තුළ අද දකින්නේ. එවන් රටක උත්තරීතර මව් පදවියට උපහාරයක් විදිහට කාන්තාවට යම් කිසි ආකාරයක පරිත්‍යාගයක් ලබාදෙනවානම් එක උතුම් කාර්යයක්.

රටේ ප්‍රධාන කන්තා රෝහල වෙන්නේ කාසල් වීදියේ කාන්තා රෝහල. මෙම රෝහලේ මෙලොව එළිය දකින දරුවන්ට රැකවරණයක් අවශ්‍ය වුණ වෙලාවට අලුත උපන් දරුවන්ට අපහසුතායක් ඇති වුණ වෙලාවට intubated අවශ්‍ය වෙනවා. නමුත් යම් කිසි අඩුවක් කාසල් වීදියේ කාන්තා රෝහලේ තිබෙන බව විපක්ෂ නායකවරයා දැනගත් මොහොතේ විපක්ෂ නායකවරයා එතුමාගේ ධන පරිත්‍යාගයෙන් කාසල් වීදියේ කාන්තා රෝහලට intubated පරිත්‍යාග කිරිමක් සිදුකිරිමට නියමිතව තිබෙනවා.

විපක්ෂ නායකවරයා මේ දේවල් සිදුකරන්නේ මෙලොව එළිය දකින්න සිටින දරුවන් ගැන හිතලා. මෙවන් නායකයෙක් සමඟ වැඩ කිරිමට ලැබීමත් භාග්‍යයක්. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය ශ්‍රී ලංකාවේ විශාලතම කාන්තා වෘත්තිය සමිතිය ලෙස විපක්ෂ නායකතුමා සමඟ අත්වැල් බැඳගනිමින් රට නගා සිටුවන්න කටයුතු කරනවා.”