අප රටේ ගොවි සහ ධිවර ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් තිබූ වැඩසටහනක් ලෙස දායක විශ්‍රාම වැටුප් ක්‍රමය තිබූ බවත් ඒ යටතේ ගොවි විශ්‍රාම හා ධීවර විශ්‍රාම යන වැටුප් ක්‍රම දෙකම මෙරට දශලක්ෂ සංඛ්‍යාත ගොවි හා ධීවර ජනතාවට ගැටලුවක් වී ඇති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක දී ප්‍රශ්න කරමින් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ශක්තිමත් කර මේ හරහා ඇති සුබසාධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජයේ වැඩපිළිවෙළ ගැන විමසා සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම විශ්‍රාම වැඩපිළිවෙළවල් ද්විත්වයම ශක්තිමත් කිරිමට රජය මැදිහත් වී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මීට අවස්ථාවන් ගණනාවකට පෙර තමා මේ ගැන ප්‍රශ්න කළත් මේ ගැන රජයෙන් සාධනීය වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.