ගිය සතියේ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයන් කතා කළේ මොනවද ?

රටේ පවතින අර්බුදය ඉතා ප්‍රශස්ත තැනකට කළමනාකරණය කිරීමත්,රටේ ජනතාවට උපරිම ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ ලබා දීමත් විපක්ෂ නායක සජිත් ඇතුළුවූ සමගි ජන බලවේගය අරමුණ විය.

රට පුරා සිදුවන අර්බුදය පිලිබදව දිනෙන් දින අවධානය යොමු කළ සජිත් තම පක්ෂයේ නියෝජිතයින් සහ විපක්ෂයේ සෙසු පක්ෂ සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කළේය.

පසුගිය 18 වෙනිදා “ජනතා බලය” සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් සජිත්ව හමුවිය.

“මේ වෙලාවේ රට අර්බුදයකට පත් වෙලා තියෙන්නෙ.ඇයි ඔබතුමා පුළුවන්කම තියෙද්දිත් මේ වෙලාවේ අන්තර්කාලීන  ආණ්ඩුවක් භාර ගන්නෙ නැත්තෙ?”

නියෝජිතයෙක් සජිත්ගෙන් ඇසුවේය.

“අපි 113 හදන්න ඕනේ පොහොට්ටුවේ අයක් අරගෙන.ඔතන ඉන්න විශාල පිරිසක් අන්ත ජාතිවාදී අය.බරපතල චෝදනා තියන අය.ඒ එක පැත්තක්.අනෙක් පැත්තෙන් මීට අවුරුදු දෙකකට කලින් මේ රටේ ජනතාව 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා.අපි කියන්නේ මෙච්චරයි.සියලු රාජපක්ෂවරු ඉල්ලා අස් වෙන්න ඕන.ඊට පස්සේ කෙටිකාලීන ආණ්ඩුවක් හැදුවාම තනතුරු බාර නොගෙන ඒ ආණ්ඩුවට අපි වැඩපිළිවෙළක් දෙනවා.ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ඕන.ඊට පස්සේ අපි ද ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනවරමක් දන්න පුළුවන්”

සජිත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරද්දී බොහෝ නියෝජිතයින් සජිත්ගේ ස්ථාවරය පිළිබඳව ඉතා පැහැදීමෙන් කතා කළේය.

“අපි මේ අර්බුදය ගන්නේ මේ රටේ ජනතාවට ජයග්‍රහණ අත් කරලා දෙන්න.”

මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසීය.

“ඇත්තටම මේ වෙලාවේ අර්බුදය හරි අතට අරගෙන නිල අල්ලලා ආණ්ඩුවට ගහන්නේ අපි,විපක්ෂ නායකතුමා හරියටම වැඩේ කරනවා”

ගයන්ත කරුණාතිලක කීවේය.

“ඒක හැමෝටම පේනවා.කොන්දේසි විරහිතව රාජපක්ෂලාට අයින් වෙලා යන්න කියල කියන්නෙ විපක්ෂ නායකතුමා.එළියෙ අරගල කරන තරුණයින්ට මුලින්ම ධෛර්යය දුන්නේ අපි.සමහර පක්ෂ ඒ අරගලයට එයාල සම්බන්ධ නෑ කියල statement පවා දුන්නා.එහෙම අරගලය පාවා දුන්න අය දැන් අරගලයේ පිතෘවරු වෙන්න හදනවා.”

රාජිත කීවේය.

“මෙහෙමයි,රටට අනතුරු එනකොට අනතුරු එන්න කලින් අපි ඒවා කීවා.කොරෝනා එන්න කලින් කොරෝනා එයි කියලා කිව්වා.බෙහෙත් ගැන කීවා.රටේ බෙහෙත් හිග වෙන්න පුලුවන් කීවා.corona නිසා රෝහල් පද්ධති දියුණු කරන්න කීවා.බදු සහන දුන්න නිසා රට කඩා වැටෙනවා කිව්වා.රට බංකොලොත් වෙන දවස් දින වකවානු එක්කම කීවා.අපි මොනවද නොකීවේ.ඒ සේරටම සමහරු හිනා උනා.සමහරු අපහාස කළා.හැබැයි ඒ දේවල් අද වෙලා තියෙනවා.අද අඩන්නේ මට අපහාස උපහාස කරපු අය විතරක් නෙවෙයි.මුළු රටටම අඩන්න වෙලා තියෙනවා.අපි “හුස්මක්”වගේම සක්වලත් ගෙනයන්නේ අන්න ඒ අඬන මිනිසුන්ගේ කඳුළු පිහින්න”

සජිත් කීවේය.

“ඇත්තටම මේ වෙනකොට ආණ්ඩුව හොඳයි කියලා මනුස්සයෙක් නෑ.එහෙම කවුරුහරි ඉන්නවනම් මොකක් හරි මොළේ අමාරුවක් තියෙනවා.,ඇමතිවරු පවා ඉන්නේ තිත්ත වෙලා.”

චමින්ද විජේසිරි කීවේය.

“මේ වෙලාවේ අපි මූලිකව කරණ දෙකක් කරන්න ඕනා.එකක් මහපාරේ අරගල කරන පුරවැසියන්ව රැකගන්න ඕන.අනෙක් පැත්තෙන් ජනතා බලය අපි ආණ්ඩුවට පෙන්නන්න ඕන.ඒ එක්කම මේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල අපි ජනතාවට දිනා දෙන්න ඕන”

සජිත් එහෙම කියන විට මන්ත්‍රී කණ්ඩායම ම එය අනුමත කළේය.

“අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕන.20 ආපහු හරවන්න ඕන.සංවරණ තුලන කමයක් රටේ ස්ථාපිත කරන්න ඕන.ස්වාධීන කොමිෂන් සභා ටික යෙන් නැවත ස්ථාපිත කරන්න ඕන.ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් දෝෂාභියෝගයක් ගේන්න ඕන”

සජිත්ගේ ස්ථාවරය දැනුම් දුන්නේය.

“යනවා විශ්වාසභංගයට සහ දෝෂාභියෝගයට අත්සන් ගැනීමේ කටයුතු හරින් මනුෂ ඇතුළු කණ්ඩායමට පැවරූ සජිත් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වූ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු පිළිබඳව ද සොයා බැලුවේය .

රඹුක්කන විරෝධතාවයකදී පොලිසිය විසින් තරුණයෙකු ඝාතනය කිරීම පිලිබදව සජිත් සිටියේ දැඩි කම්පනයකිනි.මේ පිලිබදව සිය මන්ත්‍රී කණ්ඩායම කැඳවූ විපක්ෂ නායකතුමා ඉතා පුළුල් ලෙස සාකච්ඡා කළේය.අදාල ඝාතනයට සම්බන්ධ බොහෝ තොරතුරු සොයාගත් සජිත් පාර්ලිමේන්තු සභා ගැබට පිවිසියේ ඒ සියලු තොරතුරු ද ඇතිවය.