දූෂිත රාජපක්ෂ පාලනයට එරෙහිව සමගි ජනබලවේගය මගින් 2022.04.26 දින මහනුවරින් ⁣ආරම්භ කිරීමට නියමිත විරෝධතා පාගමන සම්බන්ධව දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම වැඩසටහන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි .

අද දින දැරණියගල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැගිල්ලේදී සිදුකල අතර මෙ අවස්ථාවට දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායක රංජිත් පොල්ගම්පල මහතා සහ දැරණියගල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ලක්ෂ්මන් රාජකරුණා⁣ මැතිතුමන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.