රජය බෙදන හාල් ගුණාත්මක නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. ඒ ගැන සොයා බලන්න

අප්‍රේල් සහ මැයි මාසයේ රටේ යම් යම් ජන කොට්ඨාසවලට සහල් බෙදාදීමේ වැඩසටහනක් රජය විසින් ක්‍රියාත්මක කරන බවත් එහි තෝරා ගැනීමේ ක්‍රමවේද ගැන යම් යම් ගැටලු තිබුණත් එය අගය කරන කටයුත්තක් නමුත් සමහර ස්ථානවල ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීමක් සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

හාලි ඇළ ප්‍රදේශයේ එවැනි සහල් බෙදාදීමක් සිදුව ඇති බවට ජනාධිපති ලේකම් කාර්යාලයේ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මේ බව ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇති බවත් මේ ගැන සොයා බලා බෙදා දෙන සහල්වල ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ මට්ටමක පවත්වාගෙන යන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.