රුපියල් වලින් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කර මැති ඇමතිවරු ඩොලර් වලින් මංකොල්ල කන බව සමගි ජන බලවේග හෝමාගම ප්‍රධාන සංවිධායක එරන්ද වැලිඅංගේ මහතා පවසයි .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ

මේ වනවිට රට තුළ පෝලීම් යුගයක් නිර්මාණය වෙලා. ගෑස් ටික ගන්න නෑ ගෑස් ⁣පෝලිම, කිරිපිටි ගන්න නෑ කිරිපිටි පෝලිම, සිමෙන්ති ටික ගන්න නෑ සිමෙන්ති පෝළිමක් නිර්මාණය වෙලා යකඩ ටික ගන්න නෑ යකඩ පෝලීම් නිර්මාණය වෙලා. අද වන විට මේ රටේ හැමතැනම තියෙන්නෙ පෝලිම්. නැවත වතාවක් පෝලිම් යුගයක් නිර්මාණය වෙලා තියෙනවා ඒත් එක්කම පොහොර ප්‍රශ්නය නිසා ඉදිරියේදී එළවළු ගන්නත් පෝලිම් නිර්මාණය වෙනවා හාල් ටික ගන්න පෝලිම් නිර්මාණය වෙයි.මේ සියලු දේත් එක්ක අද අපේ රටේ ජනතාව ණය බරින් මිරිකිලා ජීවන බර දරාගන්න බැරි ජීවන බරින් මිරිකිලා මේ සියලු ප්‍රශ්නත් එක්ක ජනතාව අන්ත අසරණ වෙලා තියෙන්නෙ. ඒ නිසා මේ රටේ ජනතාව හිතුවා මොල හතක් තියෙනවා කියපු ඇමතිවරයා පාර්ලිමේන්තුවට මෙවර ඉදිරිපත් කරන අය වැයෙන් විශාල සහන ප්‍රමාණයක් රටේ ජනතාවට ලබා දෙයි කියලා .ඒත් එක්කම මේ රටේ ව්‍යාපාරිකයෝ දැන උගත් මිනිස්සු කල්පනා කරා මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නයට ආර්ථික අර්බුදයට රට කොරෝනා නිසා පත්වෙලා තියෙන තත්ත්වයට විසඳුම් මේ අයවැයෙන් ලබා දෙයි කියලා හැබැයි අයවැය ලේඛන අපි දැක්කා එය කියවීම පිළිබඳ වත් දැක්කා ඒවා අපි බලන් හිටියා කිසිදු ප්‍රශ්නයකට මොල හතේ ඇමතිවරයාගෙන් කිසිදු පිළිතුරක් ලැබුණේ නැහැ ඇත්තටම අයවැය අයත් නැහැ වැයත් නැහැ හුදෙක්ම අංක ගණිතයෙන් බොරු විජ්ජාවක් පෙන්නපු එක විතරයි මුදල් ඇමතිවරයාගේ අයවැයෙන් සිදුවුණේ.

අයවැය දිහා බැලුවම පැහැදිලියි සහනයක් ලැබිලා තියෙන්නෙ පොහොට්ටු පක්ෂයේ ගම් මට්ටමේ බිම් මට්ටමේ දේශපාලන නායකයින් විතරයි මේ අය වැය නව වියදම් සඳහා යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා එම වියදම් වලින් තුනෙන් එකක් වෙන් කරලා තියෙන්නේ පොහොට්ටුවේ දේශපාලන නායකයන්ට එහෙම බැලුවම මේ අයවැය ශ්‍රී ලංකාවේ 2022 සඳහා වූ අය වැයක් නෙමෙයි පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ දේශපාලනය කිරීම සඳහා වූ අයවැය විදියට තමයි අපි දකින්නේ ඒකෙ අපිට චෝදනාවක් එල්ල කරන්නත් බැහැ පොහොට්ටුවෙන් ජාතික සංවිධායක තුමා තමයි අයවැය ඉදිරිපත් කළේ.

දැන් අපට පේනවා මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා ඒ වගේම අර්බුදයට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ ඩොලර් අර්බුදය අපේ රටේ ඩොලර් නැහැ එහි සංචිතය තියෙන්නෙ ඩොලර් බිලියන 2.7යි ඊළඟ ජනවාරි මාසය වෙද්දී ඩොලර් මිලියන 500ක් අයවැය විදියට අපි ගෙවන්න ඕන හැබැයි ඒක හොයාගන්න විදියක් නැහැ නිසා සමහර විට ඊළඟ ජනවාරි පෙබරවාරි වෙද්දි මේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙන්න පුළුවන් වෙළඳ හිගය ගිය වසරේ ඩොලර් බිලියන හයයි ඊළඟ ඊළඟ වසරේ එය ඩොලර් බිලියන අට දක්වා වර්ධනය වෙලා එහිදී මේක හොයාගන්න ක්‍රමයක් නැහැ එකම විදියට තියෙන්නෙ ආණ්ඩු පක්ෂයක් කියනවා විපක්ෂයක් කියනවා මේ රටේ මොලේ කළදක් හරි තියෙන සියලු දෙනා කියනවා ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහා යා යුතුයි කියලා හැබැයි මහ බැංකු අධිපතිවරයා පරුෂ වචනය පාර්ලිමේන්තුවෙන් කතාකරන වාසුදේව නානායක්කාර මැතිතුමා ඒ වගේම ආණ්ඩුවේ සමහර උද්දච්ච මැති ඇමතිවරු කියනවා මැරුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ නෑ කියල තියෙන ප්‍රශ්නය මැති ඇමතිවරු මැරෙන්නෙ නැහැ මේ රටේ අහිංසක ජනතාව තමයි අනාගතයේදී කන්න නැතිව බොන්න නැතුව මැරෙන්න වෙන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට බලකරන කියනවා මේක උද්දච්ච වෙලා උමතුවෙන් තීන්දු තීරණ ගන්න ඕන වෙලාවක් නෙමෙයි රටක් හැටියට මුහුණ දෙන්න ඕන වෙලාවක් ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම තමයි යන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න විපක්ෂයේ විදිහට අපි එයට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා රට වැටිල තියෙන අරාජික තත්ත්වයෙන් ගොඩ එන්න නම් දේශපාලන තීන්දු තීන්දු අරගෙන වැඩක් නැහැ පක්ෂයක් හැටියට වෙන්වෙලා තීන්දු තීරණ අරන් වැඩක් නැහැ සාමූහිකව පාර්ලිමේන්තුවේ එකතු වෙන්න ඕන සියලුම රටේ කණ්ඩායම් එකතු වෙන්න ඕන කෙටිකාලීන මධ්‍යකාලීන දිගුකාලීන සැලැස්මවල් නිර්මාණය කරලා අවුරුදු කිහිපයක් අඛණ්ඩව දේශපාලන දෘෂ්ටි කෝණයෙන් එහාට ගිහිල්ලා රටක් හැටියට බලලා මේවට විසඳුම් දෙන්න එහෙම නැතුව මේවට විසඳුම් දෙන්න බැහැ විපක්ෂයේ විදිහට අපි කියන්නේ නැහැ සජිත් ප්‍රේමදාස මැතිතුමා බලයට ආවම ඇලඩින්ගේ පුදුම පහන වගේ පහන අතුල්ලලා ඒකෙන් එන භූතයගෙන් මේ රටේ ප්‍රශ්න විසඳනවා කියලා එහෙම විසඳන්න බෑ එහෙම විසඳන්න බැරි තැනකට මේ රටේ ආර්ථිකය ඇතුළු සියලු ප්‍රශ්න ඇති වෙලා ඉවරයි එම නිසා අලුත් දේශපාලන පක්ෂයක් හැටියට අලුත් දේශපාලන කණ්ඩායමක් හැටියට අපට ඒ පිළිබඳව හොඳ දැක්මක් තියෙනවා හොඳ අවබෝධයක් තියෙනවා ඒ නිසා අපේ අරමුණ තමයි මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන කණ්ඩායමක් විදිහට ප්‍රශ්න වලට විසඳුම් දෙන්න ඕන සාමූහික මේ රටේ තියෙන ඇත්ත තත්ත්වය මේ රටේ ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕන සමහර වෙලාවට ආණ්ඩුවේ ඇමතිවරුන්ට දරාගන්න බැරි වුණාම කියා ගන්න දෙයක් නැති උනාම ඇත්ත කියනවා බන්දුල ගුණවර්ධන ඇමතිතුමා සමහර වෙලාවට කියන්නේ දැන් රට බංකොලොත් වේගන යන්නේ උදය ගම්මන්පිල කියන්නේ රටේ ඩොලර් නෑ දැන් අපිට මේ ටික ගේන්න බැරි වෙනවා සමහර වෙලාවට අමාත්‍යංශ ලේකම්වරු කියනවා ඔවුන් ඉස්සරහට අත්‍යවශ්‍ය භාණ්ඩ කිසි දෙයක් ගෙන්න ගන්න බැරි වෙයි වෙනවා හැබැයි මේ ආණ්ඩුවට පැහැදිලිව අපි කියන්න ඕන ඇත්ත ඇති සැටියෙන් මේ රටේ ජනතාවට කියන්න ඕන අපි කොතැනද ඉන්නෙ ආර්ථිකය කොතනද තියෙන්නෙ බංකොලොත් වෙන්න ද යන්නේ එම නිසා ඇත්ත පැහැදිලි කරලා දීලා විපක්ෂය ඇතුළු සියළු කණ්ඩායම් එකතු කරගෙන මේ ආර්ථිකයට නියම වැඩපිළිවෙළක් ගේන්න එහෙම නැති වුනොත් රාජපක්ෂ පවුල ඇමරිකාවට යයි අනිත් මැති ඇමතිවරු ටිකක් අනෙකුත් විදේශීය රටවල් වලට යයි අහිංසක ජනතාව ඒකෙන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයට පත් වෙන්නේ

මෙවැනි සියලු අර්බුද තියෙද්දි රුපියල් වලින් කෝටි ප්‍රකෝටි ගණන් වංචා කර මැති ඇමතිවරු දැන් ඩොලර් වලින් කෝටි ප්‍රකෝටි ගණන් මංකොල්ල කන තත්ත්වයට පත් වෙලා මේ රටේ පොහොර ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා කෘෂි කාබනික පොහොර කියලා බොරුවට රසායනික පොහොර වර්ගයක් හැටියට nano යූරියා මේ රටට ගෙන්නුවා දැන් ඒ nano යූරියා ගෙන්වීමේදී බරපතළ මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා මීට දින කිහිපයකට පෙර ඉන්දියාවේ ගොවි සමූහයේ එක පුද්ගලයෙක් මාධ්‍ය සාකච්ඡාවක් තියලා පැහැදිලිව මේ රටට කිව්වා එම නැනෝ යූරියා ගේන්න යන්නේ ඉන්දියානු රුපියල් දෙසිය හතළිහයි යන්නේ ලංකාවේ මුදලින් රුපියල් පන්සිය පනහක් විතරයි හැබැයි ලංකාවේ ඒක ගෙන්නපු සමාගම රුපියල් දෙදහස් පන්සියයක් එයට මිල කරල තියනවා ඒ නැනෝ යූරියා පොහොර ලීටර් මිලියන දෙකයි දශම එකක් ගෙන්වන්න කැබිනට් පත්‍රිකාව දාලා තියෙනවා ඒ සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කරලා තියනවා එතකොට මේ කෝටි ප්‍රකෝටි ගණන් ඩොලර්වලින් වංචා කරන්නේ මේ ඇමතිවරු කාගේ මුදල් ද මේ රටේ අහිංසක මහජනතාවගේ බදු මුදල් මෙය ඩොලර් නැති වෙලාවේ බොරු වංචා කරන්නේ කිරි පිටි ටික ගේන්න ඩොලර් නෑ සිමෙන්ති ටික ගේන්න ඩොලර් සීනි ටික ගේ නඩු නෑ හැබැයි මේ ඇමතිවරුන්ට අද වංචා කරන්න ඩොලර් තියනවා ඒ නිසා මේ ණ්ඩුවට ඕනෑකමින් බලා කරලා කියනවා විපක්ෂය හැටියට මේ රටේ මිනිස්සු තවදුරටත් දන් ගෙඩියට දක්වන්න එපා මේ රටේ මිනිස්සු තව දුරටත් අසරණ කරන්න එපා රුපියල් වලින් මංකොල්ල කාපු ඇමතිවරු ඩොලර්වලින් මංකොල්ල කන තත්ත්වයට පත් වෙන්න එපා ඒ වගේම මේ දැන් චීනයෙන් ගෙනාවා අසූචි නෞකාවක් අපේ රටේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා කිව්වා ඒක මේ රටට බාර ගන්න බෑ කියල හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ මහ බැංකු අධිපතිවරයා කියනවා ඒ සඳහා මුදල් ගෙවිය යුතුයි කියලා අදාළ රාජ්‍ය බැංකුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියනවා ඒ සඳහා මුදල් ගෙවිය යුතුයි කියලා එතකොට අපිට අහන්න තියෙන්නෙ මේ සඳහා මුදල් ගෙවන්නේ මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයා ද රාජ්‍ය ඇමැතිවරු ද අගමැතිවරයා ද ජනාධිපතිවරයා ද ඔවුන්ගේ පෞද්ගලික මුදල් වලින් ද මේ අසූචි නෞකාවට මුදල් ගෙවන්නේ අවසානයේ ඒ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් චීනයට ගෙවන්න වෙන්නෙත් මේ රටේ අහිංසක බදු මුදල් ගෙවන ජනතාවට. ඒ නිසා අපට පේනවා මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටිලා මෙච්චර විනාශයක් වෙලා තියන වෙලාවක මේ රටේ ඇමතිවරු පොහොර වලිනුත් අසූචි නෞකාවේනුත් කීයක් හම්බ කරගන්න තමයි උත්සාහ කරන්නේ ඒ නිසා මේ ආණ්ඩුව හැම පැත්තකින්ම අසාර්ථක වෙලා තියෙන්නෙ ඒ නිසා මේ දැන් බය නැතුව ඕන කෙනෙක් කියන්නේ සර් ෆේල් කියලා නිසා මම හිතන්නේ මේ රටට දැන් ශ්‍රී ලංකාව කියන නම අයින් කරල අංගොඩ කියලා නම දාන්න ඕන එතකොට පිස්සෝ තමයි මේ රට පාලනය කරන්නේ මේ රටේ ගන්න හැම තීන්දුවක් රිවස් වෙනවා පිස්සෝ තමයි මේ රට පාලනය කරන්නේ.

අද උදෑසනක් දුරකතන වලට පණිවිඩයක් හාවා පොහොර ගැසට් එක රිවස් කරා කියලා මෙහෙය ආණ්ඩුව පුළුවන් තරම් ගැසට් ගැහුවා ඒ හැම ගැසට් එකක්ම වෙනස් කරා අතීතය දිහා බලන්න මේ ආණ්ඩුව අලුතෙන් නීති ගේනවා ගැසට් ගහනවා ජනතාව මහ පාරට බහිනවා බැස්ස ගමන් ගැසට් එකේ නම වෙනස් කරලා රිවස් කරනව ඒක ඇවිල්ලා තියෙන්නෙ දැන් ශාක අනුසාරයෙන් යූරියා පොහොර ගේන්න කියලා අනුමැතිය දුන්නා එය ගෙන දෙන්නේ රසායනික පොහොර මේක තමයි මෙච්චර කල් ගොවියෝ පාරට බැහැලා තමන්ගේ ජීවිතේ ගැන හිතන්නේ නැතුව දරු පවුල් ගැන හිතන්නේ නැතුව මහපාරට වෙලා ජනාධිපතිතුමාට කිව්වේ මේ ආණ්ඩුවට කිව්වේ අපිට අපේ පොහොර ටික ලබා දෙන්න කාලයක් අරගෙන කාබනික පොහොර වගාවට යනවනම් ඒකට යන්න කෘෂිකර්මාන්තය විනාශ කරන්න එපා මේ රටට බත සපයන සෙලවුණු සපයන ගොවියාගේ ජීවිතය විනාශ කරන්න එපා මේ රටේ රැකියා වලින් 25% ක් සපුරන කුෂිකර්මාන්තය විනාශ කරන්න එපා ඕක තමයි ගොවියා පාරට බැහැලා කිව්වේ මෙච්චර කල් ඇහුවේ නැහැ දැන් එක කන්නයක් ඉවරයි මං දන්නෙ නෑ හරියට පොහොර ටික ගෙනාවේ නැත්නම් ඊළඟ කන්නයේ ඉවර වෙනවා එහිදී හාල් ටික ගන්න එළවළු ටික ගන්න පෝලිමේ ඉන්න වෙනවා අපේ ගොවියන්ට සියදිවි හානි කරගන්න සිද්ධ වෙනවා කියා වලින් 25% ක් තියෙන කෘෂිකර්මාන්තය විනාශ වෙනවා මේකයි අද ආණ්ඩුවේ ප්‍රතිපත්තිය එම නිසා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි ගැසට් ගේනවා නම වෙනස් කරනවා ජනතාව පාරට බහිනවා ආයෙමත් පරණ තත්ත්වයට පත්වෙනවා ණ්ඩුවේ යථා තත්ත්වය තේරුම් අරගෙන ජාත්‍යන්තරයත් ඒ විදියට කටයුතු කරනවා හොඳම උදාහරණය තමයි චීනයෙන් ගෙනාපු පොහොර නෑ ඒ අසූචි නැව ලංකාවට භාරගන්න බැහැ කිවුවා චීනය මොකක්ද කරේ නැවේ නම වෙනස් කරා ව වගේම ගැසට් වෙනස් කරලා නම වෙනස් කරනවා වගේ චීනයේ නම වෙනස් කරලා ආවෙ ලංකාවෙ මුහුද තීරණයට ගෙනැවිත් කිව්වා ඔන්න අපි නම වෙනස් කරා මේකට සල්ලි ගෙවලා භාර ගනින් කියලා ඒ නිසා අද ජාත්‍යන්තර ඉදිරියේ මේ ආණ්ඩුවේ ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය හෑල්ලුවට ලක් වෙලා තියෙන්නේ හැබැයි මේ සියල්ලම මෙහෙම තියෙද්දි අද ජනතාවට තමන්ගේ සෑම ප්‍රශ්නයකට විසඳුම් ලබා ගන්න මහා පාරට බහින්න වෙලා ගොවියා මහ පාරට බැස්ස නිසා තමයි ඔය පොහොර ඔය ආකාරයෙන් හරි ගේන්න අනුමැතිය දීලා තියෙන්නේ ගුරුවරු මහ පාරට බැස්ස නිසා තමයි ගුරුවරුන්ගේ ප්‍රශ්නෙ විසඳු⁣වේ නැගෙනහිර මිනිස්සු මහපාරට බැස්ස නිසා තමයි එක නවත්තලා තියෙන්නේ අනෙකුත් ඉඩම් දෙයක් කළ රටේ විකුණන්න යනකොට ඒ වෙනුවෙන් මිනිස්සු දිනෙන් දින පාරට බහිනවා ඒ නිසා තමයි ඒවා වෙනස් කර ගනිමින් ඉදිරියේදී සිදු වෙන්නේ ඒ වගේම විපක්ෂය හැටියට අපි දන්නවා මේ වෙලාවේ කොරෝනා වසංගතය වසංගතයෙන් පස්සේ අපේ රට යන තත්ත්වයකට ඇවිත් තියෙනවා අපිත් කැමති නෑ මහපාරට ඇවිල්ලා ජනතාවත් එක්ක උද්ඝෝෂණ කරන්න හැබැයි වෙන කරන්න දෙයක් නැහැ ඒ මොකද මේ ආණ්ඩුවට තේරෙන්නැහැ මහජනතාව මහ පාරට බැහැලා ආණ්ඩුවට බලපෑම් කරන කං අදාළ තීන්දු තීරණ වෙනස් කරන්න ඕන කියලා ඒ නිසා තමයි විපක්ෂයක් හැටියට අපි පසුගිය දිනක මහා දැවැන්ත උද්ඝෝෂණයක් ආණ්ඩුවට විරුද්ධව කළේ මේ සියලුම ජනතාවට ආණ්ඩුව මොකද්ද කළේ ආණ්ඩුව හිතුවේ ජනතාවආණ්ඩුව පෙරලන්න එනා කියලා ආණ්ඩුව ඒ තරම් බය වුනා ඒ නිසා තමයි අවසානයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලය පාවිච්චි කරලා හදිසියේ නීතිරීති පැනෙව්වා නීතිරීති භාවිතා කරලා පොලිස්පතිවරයා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවෙි යුද්ධයක් නිර්මාණය වුණා වගේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම පොලිස් බලඇණි මහ පාරට ගෙනල්ලා මගි ජන බලවේගය ප්‍රමුඛ මේ රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධව මහ පාරට බහින එක නවත්තන්න උපරිම උත්සාහය දැරුවා යුද ටැංකි පවා සමහර තැන්වල දැක්කා සමහර පාරවල් වල උල් කටු තියෙන වාහන එක නැවැත්තුවා ඒ නිසා තමයි රටපුරා එක තැනක කරන්න ගිය විපක්ෂයේ උද්ඝෝෂණ රටපුරා මාලාවක් බවට පරිවර්තනය වුණේ හැබැයි එහෙම කරලා මහජනතාව කොළඹට එන එක ලිප්ටන් වටරවුමට යන එක ගාලු මෝදර මංසන්ධියට එන එක මේ ආණ්ඩුවට නවත්තන්න බැරි වුණා ඒ නිසා ජනාධිපතිතුමනි අගමැතිතුමනි දැන් ඉතාමත් පැහැදිලියි මේ මහජනතාවගේ හඬ විරෝධය පොලිස් පාලනයෙන් හමුදා පාලනය නවත්තන්න බැහැ ඒ හඬ නවත්තන්න නම් ඒ හඬට ඇහුම්කන් දෙන්න ඕන පොහොර ප්‍රශ්ණයට ඇහුම්කන් දෙනවා වගේ ගුරුවරුන්ට ඇහුම්කන් දුන් වගේ ඒ නිසා මේ මහජන විරෝධය ආණ්ඩුවට ඔවුන්ගේ ඒකාධිපති පාලනයෙන් නවත්තන්න බැහැ ඒ නිසා විපක්ෂයක් හැටියට අපි ආණ්ඩුවට ආරාධනා කරනවා යෝජනා කරනවා විපක්ෂය එක්ක එකතු වෙලා මේ රටේ සියලු කණ්ඩායම් එකතු කරගෙන පොදු වැඩපිළිවෙළක් නිර්මාණය කරලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න යට දිගුකාලීන හෝ මධ්‍යකාලීන කෙටි කාලීන සැලැස්මක් නිර්මාණය කරලා ප්‍රශ්නය විසඳන්න එහෙම නැති වුනොත් දැන් චිත්‍ර ඇඳපු තරුණයා කුඹුරු අස්වද්දපු තරුණයන් පාස්පෝට් ගන්න පෝලිම් ගැහිලා ඉන්නෙ අද විදේශ කටයුතු අමාත්‍යංශයේ සහතික පත්‍ර ගන්න පෝලිමේ ඉන්නේ ඒ නිසා මේ රටේ බුද්ධිගලනයකට ඉඩ තියන්න එපා ින දෙකට පාස්පෝට් තුන්දාහක් තත්ත්වයට පත්වෙලා මාස තුනකට ලක්ෂ හයක් විදේශීය ගතවෙන්න අයදුම් කරන තත්වයට පත්වෙලා ඒ නිසා ඉතාමත් ගෞරවයෙන් අපි මේ ආණ්ඩුවට කියනවා රටේ තරුණයන්ගේ සිතුම් පැතුම් විනාශ කරන්න එපා කාර් එකක් ගන්න ඉඳපු තරුණයන් නිවසක් හදාගන්න ඉදපු තරුණයෝ ගෑස් එකක් ගන්න සිමෙන්ති ගන්න පෝලිමේ ඒ තත්වයට රට පත් කරලා විනාශ කරන්නෙ නැතුව කණ්ඩායමක් විදියට සාමූහිකව මේ ප්‍රශ්නයට විසඳුම් හොයමු.

මේ අදහස් දැක්වූයේ අද (21) විපක්ෂ නායක කර්‍යාලයේ දීය