වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට ජනාධිපති ඇතුළු ආණ්ඩුවම වගකිව යුතු බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසයි .

ඔහු මේ බව කියා සිටියේ ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් පැවසූ මන්ත්‍රීවරයා ,

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තිබුණා කතාවක පෙබරවාරි මාසෙ 26 වෙනිද ඩොලර් ද්‍රවශීලතාවය විදේශ විනිමය ප්‍රශ්නය මගේ ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා ඒක වැරදියි අපි කියන්නේ වගකියන්න ඕන ජනාධිපතිතුමා ඇතුළු මේ ආණ්ඩුව මේ ප්‍රශ්නය නිර්මාණය කළේ ඒගොල්ලො ජනවාරි මාසේ 22 මේ රටේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 792ක් පමණයි හැබැයි ජනවාරි 22 වෙනකොට අපේ ණය ගෙවීම් තිබුනේ ඩොලර් මිලියන 6904 අපේ ගෙවීම් අපේ තියෙන සංචිත ට වඩා වැඩි එතකොට මේකේ තේරුම්ගන්න ඕන ආණ්ඩුව කොහොමද කළමනාකරණය කරන්නේ කියලා විදේශ ප්‍රේෂණ ටික ගන්න ඔක්කොම සිදුවුණේ කොරෝනා කියලා කතා කරනවා විදේශ ප්‍රේෂණ ගත්තම අපේ කලාපීය රටවල විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා ලංකාවේ අනිත් පැත්තට ගිහින් තියෙනවා අපේ විදේශ ප්‍රේෂණ 22% කින් අඩු වෙලා තියෙනවා හැබැයි බලන්න බංග්ලාදේශය මාලදිවයින පාකිස්තානය පිලිපීනය සියල්ල වැඩි වෙලා එතකොට කොහොමද ලංකාවට විතරක් මේ කෝවිඩ් බලපාන්නේ මේ ඔක්කොම රටවල කෝවිඩ් තිබුණා එතකොට ආණ්ඩුවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා පැහැදිලි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි මතක් කරන්න ඕන ණය ප්‍රශ්නයක් ගත්තම 2019 සිට 89%ක් අරන් තිබුණේ පහුගිය කාලේ ගත්ත ණය ආපහු ගෙවන්න ඒක අපි සහතික කරලා පෙන්නුවා ඔප්පු කරල ඒව භාවිතා කරේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ගේ ආණ්ඩුවේ ගත්ත ණය ප්‍රමාණය ප්‍රාථමික ගිණුම ධනාත්මක පැත්තට හරවල විදේශ සංචිත ප්‍රමාණය 7.5 ක ප්‍රමාණයක් තැන්පත් කරලා තමයි මේ රට භාර දුන්නෙ නමුත් අවුරුදු දෙකක් තුළ මේක විනාශ කරලා තියෙන බව” යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය

තව දුරටත් පැවසූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ,

“විපක්ෂයක් හැටියට පවතින තත්වය බැරෑරුම් විදියට පිළිගන්නවා මේක බරපතල ප්‍රශ්නයක් හෝ රටට අපි හිතනවා ඉතිහාසය වෙච්ච අර්බුදයකට අපි තල්ලු වෙනවා 1996 අන්තිමට පැය 7ක කාලයක් විදුලි කප්පාදුවක් කරාට පසුව අවුරුදු විසි ගානකට පසුව තමයි පැය හතහමාරක විදුලි කප්පාදුව අපේ රට යන්නේ එය ඉතාම භයානකයි.ඇමතිවරු හැසිරෙන ආකාරය ඊට වඩා භයානකයි කැබිනට් එකේ ඇමතිවරුන් හා ආණ්ඩුව හැසිරෙන ආකාරය මම දැක්කා උදය ගම්මන්පිල මහත්තයා වර්තමාන තෙල් අර්බුදය ගැන එතුමා කරන ප්‍රකාශයක් තෙල් ඇමති විදිහට එතුමා කියනවා අද රටේ පවතින ප්‍රශ්නය කොටි ත්‍රස්තවාදයට වඩා භයානකයි ඇමතිවරයාම කියනවා ප්‍රශ්නය තියෙන්නේ එදා කොටින් තමයි ත්‍රස්තවාදීන් අද ආණ්ඩුව තමයි ත්‍රස්තවාදීන් ඒකයි වෙනස ආණ්ඩුව ත්‍රස්තවාදින් විදිහට හැසිරිලා අපේ රටට ගහනවා කියන එක පේනවා මේක තමයි ලොකුම ප්‍රශ්නය අපි එතනින් ගැලවෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තියෙන බව ද, මන්ත්‍රීවරයා පැවසීය .