විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක් සිය පුවත්පතේ පල කලා යැයි දිනමින පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජිකයකුට සහ ප්‍රවෘත්ති කර්තෘවරයාට විනය ක්‍රියාමාර්ග ගැනීමට ලේක්හවුස් පරිපාලනය තීරණය කර තිබේ. ඒ රටේ නායකයා අපහසුතාවට පත්වන අයුරින් ප්‍රවෘත්ති පළ කිරීම හේතුවෙනි.

වාර්තාවන ආකාරයට මෙම ලිපිය හේතුවෙන් දිනමිණ ප්‍රවෘත්ති කර්තෘවරයා සේවයෙන් ස්ව කැමැත්තෙන් ඉවත් වී ඇති අතර ඒ නිසා දිනමිණ කර්තෘ මණ්ඩලයේ විරෝධය ද ලේක්හවුස් පරිපාලනයට එල්ල වී තිබේ.

ලේක්හවුස් පරිපාලනය විසින් ගන්න ලද මෙම අත්තනෝමතික තීරණය හේතුවෙන් දිනමිණ ප්‍රවෘත්ති කර්තෘවරයා පාලනාධිකාරිය වෙත යොමු කල ඉල්ලා අස්වීමේ ලිපිය සහවිනය පරීක්ෂණ පිලිබදව නිලධාරින්ට දැනුම් දෙන ලද ලිපිය පහතින් අමුණ ඇත.

Lake House

දිනමිණ