අද(06) පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය ආමන්ත්‍රණය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කියා සිටියේ අප රටේ බුද්ධි ගලනය ඉතාමත් බැරෑරුම් මාතෘකාවක්ව ඇති අතර මෙය මතුපිටට නොපෙනුනද රටට ඉතාමත් අහිතකරදායි ප්‍රතිපල ගෙන දෙනු ලබන ගැටළුවක් බවයි.

මේ වන විට රටේ සෞඛ්‍ය, අධ්‍යාපනය ආධී ප්‍රධාන ක්ෂේත්‍රයන් බිදවැටීමේ අවධානමකට පත්වීමට ප්‍රධානතම හේතුව වන්නේ බුද්ධිගලනය බව පැවැසූ මන්ත්‍රීවරයා කියා සිටියේ අපේ රටේ ආර්ථිකය හා බැඳුණු විවිධ ක්ෂේත්‍රයන් මහා කඩා වැටීමකට ගොදුරුවී ඇති බවත් නිදහස් සෞඛ්‍ය සේවය වැනි මිනිස් ජීවිත හා බැඳි අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රයන්ද අපේ අනාගත පරපුරේ අනාගතය හා සම්බන්ධ අධ්‍යාපනික ක්ෂේත්‍රයන්ද සිතාගත නොහැකි අවාසනාවන්ත තත්වයකට ඇදවැටීමේ අනතුරක් අබියසට ශ්‍රී ලංකේය ජනතාව සිටින බවයි.

2022 වසරේදී, විදේශ රැකියා සඳහා, 311,056 දෙනෙකු, පිටත්ව යන ලද අතර, මෙය 2021 වසරේදී පිටත්ව ගිය, 122,264 දෙනාට සාපේක්ෂව, සියයට 154.4 ක සැලකිය යුතු වර්ධනයකි. 2022 වසර තුලදී රට අත්විඳි, ආර්ථික අර්බුධයද, මෙසේ විශාල පිරිසක්, රැකියා සඳහා විදේශගතවීම කෙරෙහි, හේතුවිය. 2022 වසරේදීද, රැකියා සඳහා මැදපෙරදිග රටවල්වලට, වැඩි වශයෙන් විදේශ ගතවීම් වාර්තාවූ අතර, එය රැකියා සඳහා, සමස්ත විදේශගතවීම්වලින් සියයට 84.7 ක් විය.එයින් ද සියයට 91.3ක් කටාර්, සෞදි අරාබිය, එක්සත්  අරාබි එමීර් රාජ්‍ය සහ කුවේට් යන රටවල් සඳහා විය.

විදේශ සේවා සදහා මෙරට හැර ගිය පීරිස් පිලිබදව මන්ත්‍රීවරයා වාර්තාවක්ද ඉදිරිපත්කරමින් පත්ව ඇති අර්බුදකාරී තත්වය පිලිබදව දීර්ඝ විග්‍රහයක් කල අතර එම වාර්තාවට අනුව 2021 වසරට වඩා 154.4%කින් 2022 වසරේදී මෙරට ජනතාව රට හැර ගොස් ඇති බව එතුමා අවධාරණය කළේය.

බුද්ධිගලනය පිළිබඳ අභියෝගයන් සඳහා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති අට වැදෑරුම් යෝජනාවන් මෙන්ම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්, ඉංජිනේරු සංගම් ඇතුළු, විවිධ වෘත්තීමය සංවිධානවල කමිටු ඉදිරිපත් කරන අදහස්වලට සවන් දී, නිහතමානී ලෙසින් ඉදිරියට යන්නට රජයේ කිසිදු සූදානමක් නැති බව පැවසූ ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කියා සිටියේ මේ ආකාරයෙන් ජනතාවගේ ප්‍රශ්නවලට අවධානය යොමු නොකරමින් දිගින් දිගටම මුගාබේ පාලනයකට සැරසෙන්නේ නම් තවදුරටත් ජනතාව ඉවසා සිටින්නේ නැති බවත් මේම ඒකාධිපති පාලනයට එරෙහිව ඉදිරියේදී ජනතාව පියවර ගනු ඇති බවයි.

රැවටීමේ සහ කල් ඇදීමේ සාම්ප්‍රදායික දේශපාලන සෙල්ලමක්, අධිකරණ ස්වාධීනත්වයට, මාධ්‍ය නිදහසට තහංචි දමමින්, මැතිවරණ කල් දමමින්, ජනමතය මායිම් නොකරමින්, සිම්බාබ්වේ රටේ මුගාබේ ගිය මාවතේ ගමන් කරන්නට සූදානම් වන බවක්, පාර්ලිමේන්තුවට දිගින් දිගට ගෙන එන්නට සූදානම්වන අනපනත් වලින් සහ පාර්ලිමේන්තුව හැසිරවීමට ගන්නාවූ උත්සාහයන්ගෙන් පැහැදිලිව දැකගන්නට පුලුවන්කම තිබෙනවා ජනතාවගේ උවමනාවන්ට සංවේදී නොවී, තම පැවැත්ම ගැන පමණක් සිතා, මේ පාලනය තෝරාගන්නට යන්නේ මුගාබේ මාවත නම්, රටේ ජනතාව එවැනි ගමනක් ඉවසන එකක් නැහැ……………………………………..

 

අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කල සම්පූර්ණ කතාව මෙතනින්,