පසුගිය කාලය තුළදි කළ සියලු කටයුතු අනාගත්තා වගේ එකම රටක් එකම නීතියක් හදන ජනාධිපතිගේ නව බළකායද අනාගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ ඥානසාර හිමියන්ට එහි සභාපතීත්වය දීම හරහාම සිදු වන්නට යන දේ සිතාගත හැකි බවත්, ඥානසාර හිමියන් පවා ජනාධිපති සමාව ලැබ හිරෙන් නිදහස්ව සිටින බවත්ය.

එමෙන්ම මෙම කමිටුවට එකදු දමිළ ජාතිකයකු හෝ ඇතුළත් නොකිරීමෙන් ජනාධිපතිවරයාගේ අභිලාෂයන් තේරුම් ගත හැකි බවද ඒ මහතා කීය.