විවිධ පුවත්පත්වල සාධනීය පුවත් පලකර තිබුනත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) හරහා බලාපොරොත්තු වූ ඉලක්ක එකක් හෝ ඉටුකරගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ රජය සමත් වී නොමැති බවත් පත්තරවල පැලකරන පුවත් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින් සිදුකරන විවිධ ප්‍රකාශ වලින්ම ඉස්මතු වී පෙනෙන බවත් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසනවා.

ණය මුදලේ කපාහැරීම (haircut), ණයවල පොලී ප්‍රමාණය අඩුකරගැනීම, ණය ගෙවීමට කාලය ලබාගැනීම යන ඉලක්ක තුන ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා සපුරා ගැනීමට අපේක්ෂා කරත් මේ වන විට ඉන් එක් ඉලක්කයක් හෝ ඉටුකරගැනීමට වත්මන් රජය සමත් වී නොමැති බව එතුමා මෙහිදී අවධාරණය කර සිටිනවා.