ඉන්ධන , කිරිපිටි , ගෑස් හා අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැතිව පෝලිම් වල සිටින ජනතාවට විසදුම් ලබා නොදී සාමකාමීව විරෝධතා දක්වන පිරිසට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් මැරයන් යොදා පහර දීමෙන් ඇති වු තත්ත්වය නිසා ලංකාව ජත්‍යන්තර වශයෙන් විනාශ වු බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පවසයි .

ඔහු කියා සිටියේ ලෝකයේ ඉස්සරහා ලංකාව අප්‍රසන්න රටක් බවට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ඊයේ ක්‍රියා කළ බවත් එමනිසා රට අපකීර්තියට පත් කළ කණ්ඩායමට වහාම නිතීය ක්‍රියාත්මක කරන ලෙසෙ ද, අලවතුවල මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය .

වැඩි දුරටත් කියා සිටියේ ,

ආණ්ඩුවේ මැරයන් ගෝල්ෆේස් පිටියට පැමිණිම වැලැක්වීමට පොලිසියට හැකියාව තිබුණාත් එය එසේ නොකළේ ඇයිදැයි පරික්ෂණයක් පැවත්විය යුතු බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

ජනතාව ඉල්ලා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වෙන ලෙස බවත් ජනතා හඩට සවන් දී වහාම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා කියා සිටියේය .

මේ අවස්ථාවේ සාමකාමීව කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි අතර වගකියන විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඊයේ සිදු වූ අවසනාවන්ත සිද්ධියට නිතීමය පියවර ලබා ගැනිමට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ද, පැවසීය .

ජේ.සී අලවතුවල මන්ත්‍රීවරයා මෙසේ කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.

සටහන – CJ