පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නියමයන්ට අනුව නඩු පැවරීමට නියම කර තිබූ නිලධාරීන් පිළිබඳව අසත්‍ය තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේ දී හඬ නඟයි.

channel 4 වැනි විදේශ මාධ්‍ය තුළින් පවා කරුණු හෙළිදරව් කළ ද මෙරට පාර්ලිමේන්තුව තුළට වැරදිකරුවන් වසන් කරමින් කරුණු ඉදිරිපත් කරන බවත් මේ ආකාරයෙන් උත්තරීතර පාර්ලිමේන්තුවටත් කරුණු වසන් කරන්නේ නම් වින්දිතයන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න හෙක්ටර් අප්පුහාමි මහතා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කල අතර මේ තුලින් සමස්ත ජනතාවගේම වරප්‍රසාද කඩවන බවයි.

එම අවස්ථාවේ අදහස් දැක්වූ ලක්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හොඳින් පරිශීලනය කළ බවත් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නිලන්ත ජයවර්ධන හට නඩු පැවරීමට නිර්දේශ කර ඇති බවත් මේ පිළිබඳව වගකිවයුතු ආන්ඩු පක්ශයේ අමාත්‍යවරයාවත් පැමින නොමැති අතර සුසිල් ප්‍රේමජයන්ත අදහස් දක්වමින් පවසන්නේ සාවද්‍ය තොරතුරු බවත්ය.