සමාජ සාධාරණත්වයට මුලිකත්වය දෙමින් රට තුල මානුෂීය ධනවාදය ක්‍රියාත්මක කළ යුතු බව ඊයේ (19) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතන ශ්‍රවණාගාරයේ පැවති ෆැක්ටම් විදේශ ප්‍රතිපත්ති සමාලෝචනය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහිදී කළ කතාවේදී ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික හරයන් පිළිබඳව විග්‍රහ කළ විපක්ෂ නායකවරයා ශ්‍රී ලංකාව ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

සමාජ සාධාරණත්වයට ක්‍රියාත්මක කරමින් සාධාරණත්වයට නිසි ප්‍රමුඛත්වය ලබා දෙමින් ශ්‍රී ලංකාව තුල මානුෂීය ධනවාදය ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ තීරණ ගන්නන්ට සහාය වීම සඳහා ෆැක්ටම් හි අද්විතීය ප්‍රවේශය ද ඔහු අගය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු. දිනේෂ් ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, අතිගරු ගෝපාල් බග්ලේ මහතා.