ඊයේ දිනයෙන් (02) පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට තෙවන වරටත් ලබාදුන්  සති තුනක සේවා දිගුවේ කාලය ද අවසන් වී ඇති අතර මේ වන විට නව පොලිස්පතිවරයෙකු පත්කිරීමට තවමත් පියවර ගෙන නැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මේ අතර නව පොලිස්පතිවරයෙකු පත්කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නමක් එවා නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 09 වැනිදා රැස්වීමට නියමිතයි.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ට මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද ජනාධිපතිවරයා විසින් ලබා දී තිබූ අතර තෙවැනි වතාවට ලබා දුන් සේවා දිගුව පිළිබඳව ව්‍යවස්ථාමය කරුනු මත මතභේදාත්මක තත්වයක් ද මතු වූ අතර පසුගිය පාර්ලිමේන්තු වාරයේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවෙන් දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවා.

පොලිස්පති පත් කිරීමේ වගකීම තියෙන්නේ ජනාධිපතිට, අනුර කුමාරගේ කතාව වැරදි පුර්වාදර්ශයක් (VIDEO)

කෙසේ වෙතත් මේ වන විට සී. ඩී වික්රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිව්වන වතාවටත් සේවා දිගුවක් දී ඇති බවට පලවන පුවත් සියල්ල අසත්‍ය බව ජනාධිපති කාර්යාලයේ ඉහල නිලධාරියකු අප වෙත කියා සිටියා.