මේ අයවැ​යේ රට මුහුණ දෙන අර්බුදයට හේතු සහ හේතුපාධක වෙච්ච පුද්ගලයන් ගැන සදහන් වෙලා නැති බව අද (31) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසය.

ඒ පිලිබදව වැඩිදුරටත් අද්‍යහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා.

ජනාධිපතිතුමා විසින් අතුරු අයවැයක් ඉදිරිපත් කළා අද දෙවෙනි දවස .රජය 2022 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කළා නමුත් පසුගිය මාසයේදී ආණ්ඩු වෙනස් වීමත් සමග නව ජනාධිපතිවරයා පත් වෙලා ඔහුගේ ආණ්ඩුව විසින් ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැයක් ලෙස මෙය ඉදිරිපත් කර තිබෙනවා. හැබැයි මේ අයවැයේ කිසිම තැනක සඳහන් වෙලා නැහැ මේ රට මුහුණ දෙන අර්බුදයට හේතු වූ කරුණු සහ හේතුපාධක වෙච්ච පුද්ගලයන් ගැන ඒ වගේම වර්තමානයේ රට මුහුණ දීලා තියෙන තත්ත්වයට සම්පූර්ණ වග කියන්න ඕන කවුරුන්ද කියලා කවුරුත් දන්නවා එය පසුගිය පාලකයන් වන ගෝඨාභය රාජපක්ෂ ,මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල්, පී බී ජයසුන්දර වැනි පසුගිය රජයේ මුදල් ඇමතිවරු මහ බැංකු අදිපතිවරු භාණ්ඩාගාර ලේකම් ජනාධිපති ලේකම් මෙයට වගකිව යුතුයි කියන්න කවුරුත් දන්නවා.නමුත් වර්තමාන ජනාධිපතිවරයා මෙම අර්බුදයට මූලික වූවන් ගැන කිසිම සඳහනක් කරලා නැහැ විතරක් නෙමෙයි ඔවුන්ට කරන්නේ කුමක්ද කියලා මෙම කතාවේ නැහැ. ඔහුට එහෙම කරන්න බැරිව ඇති මොකද ඔවුන්ගේ ඡන්දයෙන් වර්තමාන ජනාධිපතිවරයා පත් වෙච්ච නිසා. මෙවැනි අයවැය කතා සුරංගනා කතා විදිහට අපි හදුනනවා මොකද මෙවැනි කතා ඕනෑ තරම් අහල තියෙන නිසා. ජනාධිපතිවරයා ගේ රාජාසන කතාව ඉතාම ලස්සනයි අතුරු අයවැය කතාවත් ලස්සනයි නමුත් මේවා කරයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ වෙරිටේ රිසව් ආයතනය සමීක්ෂණයක් කර තියෙනවා එහි ප්‍රතිඵල අනුව 2021 වසරේ ඉදිරිපත් කර අයවැය යෝජනාවලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 6%යි ඒ වගේම 46%ක් ප්‍රගතිය පිළිබඳව සඳහන් කරලත් නැහැ. මෙවැනි තත්ත්වයක් තියෙද්දී මෙවැනි ආයෙ වැය කතා පිළිගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා .

අපි දැක්කා ඒ කතාවේදී මේ අර්බුදයට පිළියමක් ලෙස පවුල් 61000 රුපියල් 10000ගානේ ලබා දෙනවා කිව්වා ලංකාවේ සමස්ත පවුල් ප්‍රමාණය ලක්ෂ 60 එයින් 61000 කියන්නේ 1%ක් ග්‍රාම සේවා වසම් 14022ක් තියෙනවා එය බෙදා වෙන්කර බැලුවම 4.5 ක් පමණ වෙනවා එහිදී එක් වසරකට වසමක පවුල් හතරකට තමයි දහදාහ දීමනාව දෙන්න යන්නේ. රජයම කියනවා එක් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් කාල බීල ජීවත්වෙන්න 12,500 ඕන කියලා අපේ රටේ එක පවුලක හතරක් ඉන්නවා එහෙනම් රු 50000ක් ඕන මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න. හැබැයි දින දෙකකට පෙර රජය කිව්වා සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක් සියළුම අවස්ථා සපුරන්න එක්ලක්ෂ දහදාහක් ඕන කියලා එහිදී රු 27500ක් ඕන එක් පුද්ගලයෙකුට තමන්ගේ පැවැත්මට.රටේ පවුල් ලක්ෂ 60න් කීදෙනක්ට ඒ ගාන ලැබෙනවාද අඩුම ගානේ පනස්දාහක්ට වත් දෙනවාද ලංකාවේ සමෘද්ධි පවුල් ලක්ෂ විසි තුනක් ඉන්නවා එම සමෘද්ධි දීමනාවට තවත් පන්සියයක් අයවැයෙන් දෙනවා කියනවා. එය ඇති වෙයිද මොකද සමෘද්ධි පවුලක් කියන්නේ ඩොලර් 2ට වඩා අඩුවෙන් හම්බ කරන පවුලක් අද ඩොලර් 2ක වටිනාකම අනුව රුපියල් 700ක් එය මාසෙකට 21000යී. එයට එකතු වුණාම 25000යි සමෘද්ධිය ලැබෙන්නේ පවුලකින් එක්කෙනාටයි එහිදී මේ පවුල් ලක්ෂ 23 කොහොමද ජීවත් වෙන්නේ. රජය කියන එක පුද්ගලයෙකුට අවශ්‍ය 12,500 හරි 27500 හරි ප්‍රමාණය හො රජය කියන ගාන හම්බ වෙනවා. ලංකාවේ ගොවි පවුල් බැලුවොත් ලක්ෂ 20ක් ඉන්නවා එ අයට අක්කරයකක් අස්වද්දන්න රුපියල් 75,000 කට ආසන්න යනවා අක්කරයකින් වී බුසල් 100ක් ආවොත් රජය සහතික මිල 120 යි එහිදී 275000යි ලැබෙන්නේ එය එක කන්නයකට . කන්න දෙකයි ලංකාවේ තියෙන්නේ කන්නයක් කියන්නේ මාස හයට දෙලක්ෂ හැත්තෑ පන්දාහක් වියදම් යන හැත්තෑ පන්දාහ අඩු උනාම ලක්ෂ දෙකයි ඒක 6න් බෙදුවම 33000යි එතකොට ගොවි පවුල් විසි ලක්ෂයකට මාසෙකට තිස්තුන් දාහක් ලැබිලා අර කියන මුදල ලැබෙනවා ද ඒ අයට ජීවත් වෙන්න පුළුවන්ද රජයේ සේවකයෝ ඉන්නවා ලක්ෂ පහළොවක් ඔවුන්ගෙන් ලක්ෂ 5කට ලැබෙන්නේ 40000අඩුවෙන් කේ ගොල්ලන්ටත් ඔය කියන ගාන ලැබෙනවද ඒ ලක්ෂ 5ට ජීවත් වෙන්නත් බෑ එතනම පවුල් ලක්ෂ 48ක් එහිදී අපේ රටේ ශ්‍රම බලකායේ ලක්ෂ පහක් රජයේ සේවකයන් සමග ඒ අතර ස්වං රැකියා කරන අය ඉන්නවා එදිනෙදා කුලී වැඩ කරන අය මෙය සෑම කෙනෙකුටම මාසෙකට තිස් හතලිස් දාහකට වැඩි ලැබෙන්නේ නැහැ මේ තත්ත්වය තුළ ඔය රජයේ කියන ගාන ලැබෙනවද එහෙම බැලුවම පවුල් ලක්ෂ 59 ට ජීවත්වෙන්න අමාරුයි. ගෑස් සිලින්ඩරයක් 6000ට ආසන්නයි. දාහක් අඩු කරා කියලා රජය උඩ පැන්නා . පෙට්‍රල් ඩීසල් මිල වැඩි කරලා පොඩි ගානකින් අඩු කරල කෑගහනව විදුලිබිල විශාල ලෙස වැඩි කරල ඒක සාධාරණ ද, ජල බිලත් විශාල ප්‍රමාණයකින් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා ඊයේ පෙරේදා භූමිතෙල් සියයට 390 කින් වැඩි කරලා දැන් කියනවා සහනාධාරයක් දෙනවා කියලා එහෙම දීලා හරි යනවද ඒ වගේම තමයි ධීවරයෝ දුප්පත් ජනතාව කඳුකර ජනතාවට මොකද වෙන්නේ මේකෙ විශාල ප්‍රශ්නයක් මේ සඳහා අයවැයෙන් විසදුමක් තියෙනව ද.

ඉන්දියාව තිරිගු පිටි අපනයනය තහනම් කළා ලංකාවට තිරිඟුපිටි ගේන්නේ ඉන්දියාවෙන් සමාගම් දෙකක් ඒ සඳහා තියෙනවා ඩොලර් ප්‍රශ්නය නිසා ඔවුන් බෙදාහැරිම සීමා කරා බේකිරි හිමියන් කියනවා කිරිපිටි කිලෝ එකක් දැන් 350 යි කියලා පාන් රාත්තලක් තුන්සීයක් වෙයි කියනවා රුපියල් 50ට තිබුණු පාන් රාත්තල 190යි එය තුන්සියයක් ගියොත් පාන් කන්නේ කොහොමද දවසකට අපේ රටේ පාන් ගෙඩි ලක්ෂ 35 ක් පරිභෝජනය කරනවා එතකොට මේ අයට මොකද වෙන්නේ හල් දැන් 250 යි සෑම එකක්ම ගණන් වැඩි වෙලා රටේ ජනතාවගේ ආදායම් වැඩි වෙලා නෑ ඒ සඳහා මේ අයුරින් තියෙන විසඳුම් මොකක්ද මේ අර්බුදය නිර්මාණය කරපු අය ගැන කතා කරලා නැහැ ඒ අයට දඬුවම් දෙන එක ගැන කතා කරලා නැහැ දඬුවම් දෙන්න පුලුවන්ද රනිල්ගේ රාජපක්ෂ කියන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වය ප්‍රශ්න වෙලාවේ සිරිකොත ඉස්සරහ කාපට් දාලා උදව් කරා නායකත්වය රැක ගන්න ඒකට කළගුණ සැලකීමක් වශයෙන් 2015 දී බලයට ආවා දූෂණයට වංචාවට දඬුවම් දෙනවා කියලා කිසිම සතෙකුට දඬුවම් දුන්නේ නැහැ න්පසු දැන් මොකද වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දඬුවම් දෙයිද හොරුන්ට මහබැංකු වංචාකාරයා කියලා පුද්ගලයා පොදුජන පෙරමුණේ ඡන්දයකින් ජනාධිපති කරලා එහිදී ඔහු ඒ අයට දඩුවම් දේවිද මේ ඔක්කොම යාළුවෝ කියපු එක සම්පූර්ණ ඇත්ත.

අරගලයක් කළේ ලක්ෂ හැට නමයක් ඡන්දය ගත්ත ජනාධිපති ගෝඨාභය ගෙදර යවන්න තුනෙන් දෙකක් ආණ්ඩුව ගෙදර යැව්වා මොකක්ද බලාපොරොත්තු වුණේ වෙනසක් බලාපොරොත්තු වුනා දූෂිතයන්ට දඬුවම් දෙන්න කිව්වා කැබිනට් මණ්ඩලයේ දූෂිතයන් තියාගෙන දඬුවම් දෙයිද හැබැයි අයවැය තියෙනවා දූෂිතයන්ට දඬුවම් දෙන්න වෙනම ඒකකයක් පිහිටුවනවා කියලා එහිදී දූෂණය සහිත පුද්ගලයෙක්ට පුළුවන්ද දූෂිතයන්ට දඬුවම් දෙන්න ඔහුට මහ බැංකු වංචාවේ වාර්තාවේ සම්බන්ධයි කියලා තියෙනවා රනිල් රාජපක්ෂට පුළුවන් තමන්ට ඒක ක්‍රියාවෙන් පෙන්වන්න ඔහුට පුළුවන් අර්ජුන මහේන්ද්‍රන් පිටරටින් ගෙන්වා ගන්න පුලුවන් ඒ නිසා තමයි කිව්වේ මේවා එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා මේ තත්ත්වයක් තුළ අර්බුදය නිර්මාණය කරපු අය කවුද ඔවුන්ට දෙන දඬුවම මොකක්ද ගැන කතා කරන්නේ නැහැ සුරංගනා කතාවක් විදිහට මේකෙ තියෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ආර්ථික දැක්ම තමයි සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක කිරීම ඒක කරන්න පුලුවන්ද පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් තියාගෙන එහි ප්‍රතිපත්තිය ඒක නෙමෙයි හැබැයි කියනවා කරන්න ගියාම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ පුවත්පතක තියෙනවා වත්කම් විකුණා හෝ බදු දී ඩොලර් බිලියන අටක් උපයා ගැනීමට යෝජනා පාඩු ලබන ලාභ ලබන රාජ්‍ය ආයතන තිස් නවයක් නම් කරල තියෙනවා ගුවන්තොටුපල ලාභ ලබනවා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ලාබයි සේවක අර්ථසාධක බාරකාර අරමුදල ලාභ ලබන ආයතන රක්ෂණ සංස්ථාව ටෙලිකොම් එක ලාබයි මේවත් ප්‍රතිව්‍යුහගත කරන්න යනවා ශ්‍රී ලංකා ගුවන් සේවය පාඩුකට වෙනසක් කරන්න ඕන සේවකයෝ හය දාහකට ආසන්න ඉන්නවා එක ගුවන් යානයකට සේවකයෝ තුන්සීයක් ඉන්නවා 2015 වෙද්දී එක සේවකයෙක් වෙනුවෙන් අලාභය හතළිස් නම ලක්ෂ පනස් දහසක් එය එක සේවකයෙක් වෙනුවෙන්. එවැනි ආයතන ප්‍රතිව්යුහගත කරන්න ඕන හැබැයි කරන්න යන්නේ මොකක්ද ඒකෙ පාලක සමාගමක් තියෙනවා කේටරින් ආහාර සපයන්න මේවා ලාභ ලබනවා එහි කොටස් 49%ට විකුණලා ඒ සල්ලි වලින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ තියෙන ණය කොටසක් ගෙවන්න හදනවා ලාබ එක විකුණලා පාඩු එකේ බාගයක් ගෙවලා කොහොමද කරන්නේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තියත් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් හැබැයි අපි සම්පූර්ණම ලිබරල් පැත්තට ගිහිල්ල නැහැ එම අදහස් අපේ පක්ෂයේ නැහැ සමාජවාදය පැත්තට ගිහිල්ල නැහැ අපි මධ්‍යස්ථව රට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා වැඩ පිලිවෙල සඳහා යෝජනා දහයක් ඉදිරිපත් කරලා තියෙනවා සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපිට කතා කරනවා එහෙමනං ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපට දෙන්න ඕන මෙන්න අපේ වැඩ පිළිවෙළ මේ සඳහා ඉන්නේ කියලා හොඳ නම් අපිට යන්න පුළුවන් අඩුපාඩු තියෙනවනම් කියන්න පුළුවන් එවැනි වැඩපිළිවෙළක් තව නැහැ හැබැයි අපිට එන්න කියනවා අපිට එන්න පුළුවන් වැඩ පිළිවෙල ඉදිරිපත් කරන්න දූෂණ වංචා නැති කැබිනට් එකක් ජනතා ඉල්ලුවේ අපිත් ඒකට එකඟයි එවැනි අය කැබිනට් මණ්ඩලය ඉන්න බැහැ.

පොහොට්ටුවේ මන්ත්‍රීවරු කැබිනට් ඇමතිකම් දෙන්නෙ නැත්තං අය වැයට ඡන්දය දෙන්නෙ නැහැ කියනවා ඇයි ජනාධිපතිතුමායි විදිහට හිර වෙන්නෙ මොකද ඔවුන් තමයි ඡන්දය දීලා පත් කර ගත්තේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණේ ජනාධිපති වෙන්න පමණයි එතුමාට කරන්න බැරි වෙච්ච දේ ඔවුන්ගේ ඡන්දයෙන් කරගත්තා අනිවාර්යෙන්ම රනිල් වික්‍රමසිංහ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න වුනේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කරාම කෙලින්ම කීවේ ගෝඨා ගෝ ගම ආරක්ෂා කරනවා කියලා ඒක ආරක්ෂා කරේ නැත්නම් ගෝඨාභය යන්න ඕන නැහැ රනිල් වික්‍රමසිංහ අගමැති උනාම දැන් කරන මර්දනය එදා කරානම් මොකද වෙන්නේ ගෝල්ෆේස් අරගලයක් නැහැ ගෝඨාභය ඉන්නවා යන්න සැලැස්සුවේ රනිල් වික්‍රමසිංහ ගෝඨා ගමට ආරක්ෂාව සපයන පහසුකම් සපයනවා කිව්වා මේක තේරෙන්නෙ නැතුව මන්දබුද්ධික මන්ත්‍රීවරු 134ක් ඡන්දෙ දීලා මෙයාව පත් කරගෙන මේ තත්ත්වය තුළ අපේ රටේ ජනතාව කබලෙන් ලිපට වැටිලා.