ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බව සඳහන්.

එමෙන් ම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබුවා.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසාවෙන් සුරු සඳුන්විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළා

මෙම වාරණ නියෝගය මැයි මස 08 දක්වා බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.