අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට 113 පෙන්වන ලෙස අභියෝගය ලබා දෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්තුමා වැඩි දුරටත් කියා සිටියේ ,

“දැන් අහනවා 113ක් තියෙනවද කියලා . රනිල් වික්‍රමසිංහ මහතා සමග 69ක් හිටියා දැන් එයා අගමැති වුණා දැන් 68 දෙනෙක් ඉන්නවා විපක්ෂයේ ඒ 68 දෙනාගෙන් එක් කෙනෙක් වත් යන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවට මම අහගෙන හිටියා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කිව්වා අපෙන් විස්සක් යනවා කියලා බය වෙන්න එපා ඔය මහලේකම් මාස හයකට ඉස්සර වෙලත් ඕක කිව්වා.අපේ කවූරුත් යන්නේ නැහැ .68ක් ඉන්නව ආන්ඩුවේ ඉඳලා ස්වාධීන වෙලා විපක්ෂයේ වාඩි වෙච්ච හතළිස් තුනක් ඉන්නවා හතලිස් තුන්දෙනා අපිට ප්‍රකාශ කළා ආණ්ඩුව ඇතුලේ තව දහ දෙනෙක් ඉන්නවා මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයට සහයෝගය දෙන්න කියලා. එසේනම් බහුතරය ඉන්නේ මෙතන. ඒ කණ්ඩායමක් වත් තව වෙනකන් කියලා නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයට සහයෝගය දෙනවා කියලා. අපි අහනව මේ මගුල ඇති උනේ කොහොමද කියලා මන්ත්‍රීකම් එකයි නම් තියෙන්නේ මේ ගොල්ලන්ට ඕන වුණා ආරක්ෂකයෙක් ඉදිරිපත් කර ගන්න මෙයා තමයි රාජපක්ෂ පවුලේ දේශපාලන ගමන් මගෙහි ආරක්ෂක යා වුනේ .

අපි කියනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට 113 පෙන්නන්න අපි ඒ අභියෝගය දෙනවා ඇයි මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කමින් අසුනේ 113 නැති බව දැනගෙන ඒ 113ට වඩා වැඩි ගානක් තව විපක්ෂයට තියෙනවා අපි කියනවා ඒ සුළුතර ආණ්ඩුවක් පිහිටුවන්න රනිල් මහත්මයා හිතනවා ඇති 2015 හතළිස් පස් දෙනාගෙන් ආණ්ඩුව පිහිටුවා ගෙන ගෙනිච්ච වගේ ගෙනියන්න පුළුවන් කියලා ඒක දැන් කරන්න බැහැ ‍රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉන්නේ පොහොට්ටුවේ ජනතාව ප්‍රතික්ෂේප කරපු මන්ත්‍රීවරුන් ගමට යන්න බැරි මන්ත්‍රීවරු පෝලිමකට ළඟට යන්න බැරි මන්ත්‍රීවරු මේ මළ ගෙදරකට යන්න බැරි මන්ත්‍රීවරු ටිකක් තමයි එතුමාගේ කැබිනට් මණ්ඩලයට පත්කර ගන්න වෙන්නේ කොහොමහරි අගමැතිවරයෙක් පත් වෙච්ච ගමන් ඉතිහාසයේ දැක්කා වහාම කැබිනට් මණ්ඩලය පත් කරනවා දැන් කියනවා ඒක පරක්කු වෙලා පත් කරනවා කියලා ඇයි 113 නැහැ කියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා රනිල් වික්‍රමසිංහ මහත්මයා මම සමගි ජන බලවේගය විස්සක් අරගෙන එනවා කියලා. සමගි ජන බලවේගය 2019 එක්සත් ජාතික පක්ශයෙන් අපි සියලු දෙනා එළියට බැස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයත් එක්ක ආපහු එකතු වෙන්න නෙමෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා හයවෙනි සැරේට අගමැති වෙනවා කිව්වේ මම දන්න විදියට අවස්ථා තුනයි අගමැති වුනේ හැබැයි ඒ තුනේම ඊළඟ මැතිවරණ පැරදුනා එම නිසා අපි පැහැදිලිව කියනවා රනිල් වික්‍රමසිංහ මහතා ගේ ආණ්ඩුවේ කිසිදු ඇමතිකමක් ගන්න අපි සූදානම් නැහැ කියලා.”

යනුවෙන් අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය .