ඇමතිකම් නොමැතිවීම හේතුවෙන් පොහොට්ටුව පක්ෂය බලයට ගෙන ඒමට මහගු කාර්යයක් කල ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරු මේ වන විට සිතේ අමාරුවෙන් සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් සහ 69ලක්ෂයක ජනවරමක් සහිත ආණ්ඩුවක් බිහි කිරීමට පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළ ඔවුන් දෙදෙනා මේ වන විට එළියෙන් තබා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා චෝදනා කරයි.

එවැනි ප්‍රබලයන් දෙදෙනෙකුටත් සලකන්නේ ඒ ආකාරයට නම්, සනත් නිශාන්ත වන තමන්ට ලබා දී තිබෙන රාජ්‍ය අමාත්‍ය දූරය තමන්ට තියා තමන්ගේ බල්ලාටවත් වැඩක් නැති බව හොරොව්පතාන ආසන බල මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.