Online පනත හරහා සමාජ මාධ්‍ය ජාලාවලට සීමා මායිම් පැනවූ ආණ්ඩුව විද්‍යුත් මාධ්‍යත් නියාමනය කිරීම හරහා මහජනතාව තොරතුරු දැනගන්නා සමස්ථ මාධ්‍ය පද්ධතියම Dark Space එකක් බවට පත්කිරීමට කටයුතු කරමින් සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

මෙම තත්වය තුල රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ අයිතියට බරපතල බලපෑම් එල්ල වන අතර අතිශයින් භයානක ප්‍රතිපල අත්විය හැකි බව එතුමා පැවසීය.

මාධ්‍ය ක්‍රියාකාරිත්වය අක්‍රීය කර මහජනතාවට සම්ප්‍රේෂණය වන තොරතුරු නැවත්වීම රජයේ අරමුණ වී තිබෙන බවත් ජනවරමකින් තොර වත්මන් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ වෑයම වී තිබෙන්නේ ඉදිරි මැතිවරණයක් සඳහා මෙම අනපනත් යොදාගැනීම බවත් ආචාර්යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.