මහකනදරාව ප්‍රදේශවාසීන් රැසක් හූ හඬ නගමින් ජනපති රනිල් වික්‍රමසිංහට සිය විරෝධය පළකර තිබෙනවා. ඒ දරාගත නොහැකි ලෙස බදු වැඩිකිරීමත් එමනිසා ජනතාව දැඩි අසීරුතාවයක සිටින මොහොතක දිගින් දිගටම රට සවාරි යාමත් මූලික කරගනිමින්.

ජනාධිපතිවරයාට මෙම විරෝධයට මුහුණදීමට සිදුව ඇත්තේ අනුරාධපුර උතුර ජල සැපයුම් ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට සහබාගී වූ අවස්ථාවේදී එම උත්සවයට ප්‍රදේශවාසීන් දැක්වූ දැඩි විරෝධය සමඟයි.