ශ්‍රී ලාංකික කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ස්විට්සර්ලන්තයේ පැවැත්වන Resisprint International ධාවන තරගාවලියේ අද පැවති මීටර් 100 තරගය තත්පර 9.96කින් අවසන් කොට තරගයේ ජයග්‍රහණය මෙන්ම නව ශ්‍රී ලංකානු හා දකුණු ආසියානු වාර්තාවක් තැබීමට සමත් වී තිබෙනවා.

යුපුන් මීට පෙර ඔහුගේ වාර්තාගත කාලය ලෙස වාර්තා කොට තිබුනේ ජර්මනියේදි ඔහු පසුගිය මැයි මාසයේදී වාර්තා කල තත්පර 10.06ක කාලයයි.

මේ අනුව යුපුන් ලෝක ශූර කෙටි දුර ධාවකයන්ගේ කඩයිම් සීමාවට දැන් ඇතුලත් වී ඇති අතර ඔහුට පැහැදිලි අනාගතයක් ඇති බව පෙනෙන්නට තිබෙනවා

දැනටමීටර් 100 ලෝක වාර්තාව දරන උසේන් බෝල්ට් විසින් වාර්තා කරන ලද කාලය තත්පර 9.58ක් වන අතර 2022 වසරේ මීටර් 100 වේගවත්ම ධාවකයා ලෙස සැලකෙන එක්සත් ජනපදයේ Christian Coleman ජූනි 12 වනදා අවසන් වූ NYC Grand Prix තරගය ජයග්‍රහණය කර තිබුනේ තත්පර 9.92කින් බවයි වාර්තා වෙන්නේ.