සමගි විහිදුම් බලගණය රටපුරා ව්‍යාප්ත කොට බලමුලු සවිමත් කිරීමට සමගි ජනබලවේගය තීන්දුකොට තිබේ.ඒ අනුව රත්නපුර දිස්ත්‍රික් සමුළුව (15) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණි අතර බදුල්ල දිස්ත්‍රික් සමුළුව ඊයේ දින පැවත්වුණි .

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේශා විතානගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සමගි විහිදුම් බලගණය ස්ථාපිත කොට ඇති අතර එය මුළු රටම ආවරණය වන පරිදි ගොඩනැගී ඇති සමගි ජන බලවේගයට අනුබද්ධ ක්‍රියාකාරී ඒකකයකි.