ආණ්ඩුව විසින් තෙල් ටැංකි, වරාය, බලාගාර ඇතුළු ජාතික සම්පත් විකිණීමට එරෙහිව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් ඊයේ (4) ඛනිජ තෙල් සංස්ථාව ඉදිරිපිට දී විරෝධතාවයක් පැවැත්තුවා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා පැවසුවේ
“දැන් ආණ්ඩුව LNG සැපයුම සමග ඒ සම්පූර්ණ ක්‍රියාවලියම ඇමරිකාවට දෙන්න කල්පනා කරනවා. ඉන්දියාවට තවත් සම්පත් ප්‍රමාණයක්, චීනයට තවත් සම්පත් ප්‍රමාණයක් දෙනවා. අද මේ ආණ්ඩුව වෙන්දේසි සමාගමක් බවට පත්වෙලා තියෙනවා”.

ඒ අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා
“ඒගොල්ලො කියන්නේ මේවා ආයෝජන කියලා. අපේ ජාතික සම්පත් පිටරැටියන්ට දෙනවා කියන්නේ ආයෝජන නෙවෙයි.  එහෙනම් ඒගොල්ලො මෙහෙ ආයෝජනය කරන්න ඕන.”

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ
“සමගි ජන බලවේගය වශයෙන් මේ විකුණන ඒවා  සියල්ලම අපේ රටට අපි යළි ලබා දෙනවා. අපේ නායකයො කියන්නෙ බොරු නෙවෙයි.”