විශාල ඛේදවාචකයක් නිසා මේ රට අද විශාලා මහනුවරක් වගේ වෙලා ඇති බව විපක්ෂ නායක කාර්‍යාලයේ අද (21) පස්වරුවේ පවතී මාධ්‍ය හමුව දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා.

අද පාර්ලිමේන්තු ආරම්භයේදීම විපක්ෂ නායක තුමා විශේෂ කතාවක් කළා. එය ඊයේ ගත්ත තීන්දුවක් අනුව මේ සතියේ පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙන්න අපි තීන්දු කළා. ඊයේ සමගි ජන බලවේගය කණ්ඩායම් රැස්වීමේදී මේ තීන්දුවට බහුතරය කැමැත්තක් තිබුණා ඒත් එක්කම අපි සියලුම පක්ෂ නායකවරුන්ට ඊයේ රාත්‍රියේත් අද උදෙත් විපක්ෂ නායක තුමා ඇතුළු කණ්ඩායම් සාකච්ඡා කළා. එහිදී එම තීන්දුවට ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ස්වාධීන කණ්ඩායමේ කොටසකුත් එකඟ වුණා .ඒ තීන්දුව ගන්න හේතුව අද මිනිස්සු සාගින්නේ, දරුවන්ට කිරි පිට නෑ, ලෙඩ්ඩුන්ට බෙහෙත් නැතුව මැරෙනවා, එක පැත්තකින් පිස්සු බලු රෝගයට බෙහෙත් නෑ, සර්ප විෂට බෙහෙත් නෑ , අනෙකුත් රෝහල් වල බෙහෙත් නෑ, පිළිකා ඖෂධ නැතුව අපේක්ෂා රෝහලේ රෝගීන් මිය යනවා. ඒ වගේ විශාල ඛේදවාචකයක් නිසා මේ රට අද විශාලා මහනුවරක් වගේ වෙලා.

ඒ කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැහැදිලි සාකච්ඡාවක් නෑ. ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට වාද කරන්නට වෙලාවක් ලබා දෙන්නෙත් නෑ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අය කෑ කෝ ගසමින් විපක්ෂයට බාධා කරනවා මිසක් ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව පැහැදිලි සාකච්ඡාවක් නැති නිසා අපි එයට විරුද්ධව පාර්ලිමේන්තුවෙන් සතියක් ඉවත් වෙනවා. අපි ඉල්ලා සිටියා ඒ මුදල් පවා පුළුවන් නම් ජනතාවගේ නැති බැරි කම වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා.

අද පාරකට බහින්න බෑ දෙපැත්තෙම පෙට්ට්‍රල් ඩීසල් පෝලිම් තවත් පැත්තකින් ගෑස් භූමිතෙල් පෝලිම් විදුලි කපනවා රට අරාජික වෙලා තියෙන්නේ. මේ සියල්ල එක මනුස්සයෙක් නිසා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. මේ ජනාධිපතිවරයා නිසා මුළු රටක්ම විශාලා මහනුවර තත්ත්වයට පත්වෙලා මීට පෙර මෙවැනි අහේනියකට පත්වෙලා නැහැ. නමුත් ඔහු කිසිම ලැජ්ජාවක් නැතිව ආත්ම ගරුත්වයක් නැතුව කියනවා මට ජනවරමක් තියෙනවා කියලා. එයාට ජනවරමක් දීලා තියෙන්නේ මිනිස්සුන් බඩගින්නේ තියන්න නෙමෙයි. දරුවන්ට කිරි පිටි නැතුව අඬවන්න නෙමෙයි. පිළිකා රෝගීන් මරන්න නෙමෙයි. අනෙකුත් රෝගීන්ට බෙහෙත් නැතිව මරන්න නෙමෙයි. පාරවල් වල කිලෝමීටර් පහ, හය දිග පෝලිම් වල මිනිස්සු දවස් ගණන් ගත කරන්න ද වරමක් දීලා තියෙන්නේ .මොකක්ද ඒ වරම. ඒ වරම ඉවරයි එය ලබාගත්තේ සෞභාග්‍යය දැක්මක් පෙන්නලා දැන් අභාග්‍යයක් බවට පත්වෙලා .මෙවැනි තත්ත්වයක් තුළ කිසිම විදිහකින් අයිතියක් නෑ පුටුවේ ඉන්න .

ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රනිල් වික්‍රමසිංහ ගේ හොර ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි .
ජනාධිපති ගෙදර ගිහිල්ලා ඉවරයි රනිල් වික්‍රමසිංහ ඩිල් ගැහුවෙ නැත්තම් වෙන්නේ හුස්ම ගන්න ඔක්සිජන් දුන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කිසිම විදියකින් සර්වපාක්ෂිකත් නෑ නිර්පාක්ෂිකත් නෑ මොකද එතන ඉන්නේ එදා ඉඳන් හිටපු පොහොට්ටුවේ කට්ටිය වෙන කවුරුවත් නැහැ දෙන්නෙක් ගිහින් තියෙනවා අපේ පක්ෂයේ තීන්දුවට විරුද්ධව. ඒකෙන් සර්වපාක්ෂික වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඉතාමත්ම නිවැරදි සර්ව පාක්ෂක ජනතාවාදී ආණ්ඩුවක් මේ රටේ හදන්න ඕන. එයට ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕන නැත්නම් යන දවස කියන්න ඕන ඒකයි අපි ඉදිරිපත් කරපු කොන්දේසි .අපේ රටේ ජනතාවට තේරෙනවා ඇති එදා අපි මේක නොගත්ත එකේ නිවැරදිභාවය අපේ විපක්ෂනායකතුමාගේ නුවණ අපි ගත්ත තීන්දුව ඇයි වලංගු වෙන්නේ. අපි ගිහිල්ලා මේ විදියට මේ මනුස්සයත් එක්ක වාඩි වුනා නම් අපිටත් ලෝකයේ කොහෙන්වත් ආණ්ඩුවක් ගෙනියන්න ආධාර ලැබෙන්නේ නෑ .මේ රාජපක්ෂවරු ඉන්නකම් කවදාවත් යුරෝපයේ දියුණු රටවල් වලින් ආධාර ලැබෙන්නේ නෑ. මේ අය වපුරපු මුස්ලිම් විරෝධය නිසා මැද පෙරදිග තෙල් කඳුළක් ලැබෙන්නේ නෑ වෙනදා මෙවැනි තත්ත්වයක් තිබුණ නම් අද හෙට වුණත් සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කළොත් විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් අපි මැදපෙරදිගට කතා කරලා අපිට පුළුවන් සහනාධාර ක්‍රමය යටතේ පසුව ගෙවීමේ ක්‍රමයට අවශ්‍ය ඉන්ධන ගෑස් ගේන්න ඒ වගේම යුරෝපයේ ඇතුළු අනෙකුත් ජාත්‍යන්තරයට කතා කරලා පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදය පාලන රාමුවක් ඉදිරිපත් කිරීම තුළ අපිට සියලු දෙනා සහයෝගය දෙනවා. මේ ආණ්ඩුවට සහාය දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නෙ නෑ මේ එක පුද්ගලයෙක් නිසා රටක් දුක් විදිනවා ඒ නිසා අපි ඉල්ලන්නේ ගෝඨාභය ගෙදර පල රනිල්ගේ හොර ආණ්ඩුව ගෙදර පල සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කරමු කියලා . එය ජනතාවාදී විය යුතුයි .

අද පාර්ලිමේන්තුව වර්ජනය කරලා එනකොට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් මාත් එක්ක කිව්වේ තව සතියක් යන්න ඉස්සරවෙලා රනිල් වික්‍රමසිංහ පන්නන්න ඕනේ කියලා. අද ඒක තමයි ඇතුළේ තත්ත්වය දැන් අපිට ආරංචියි රනිල් වික්‍රමසිංහ මන්ත්‍රී රැස්වීමෙන් එළියට ගිහිල්ලා කියලා එවැනි දුක්ඛිත තත්වයකට වැටිලා රනිල් වැටෙන්නේ පැදුරෙන් බිමට එක්සත් ජාතික පක්ෂය කාබාසිනියා කරපු රනිල් අද රටටත් ජනතාවටත් ද්‍රෝහි වෙලා එයාගේ දේශපාලනය අවසාන පරිච්ඡේදය ගත කරමින් ඉන්නවා. අපේ සජබ වැඩපිළිවෙළට විපක්ෂයේ ප්‍රධානත්වයෙන් අද මේ පාර්ලිමේන්තුවෙන් එළියට අපිත් එක්ක ඒකාබද්ධ විපක්ෂ එළියට බැස්සා විමල් වීරවංශ මහත්මයාගේ කණ්ඩායම අපේ මතයම දරනවා නමුත් පාර්ලිමේන්තුවේ අපේ මතවාදය ජනතාව ගේ මතය පාර්ලිමේන්තුව තුළ මේ සතියේ එක් කරන්න සිටියා ඒ අනුව මේ සියලු කණ්ඩායම් ආණ්ඩුවට විරුද්ධව නැගී සිටිනවා මේ ආණ්ඩුවෙ කාල පරිච්ඡේදය අවසානයේ ළඟයි අපට තියෙන්නේ සියලුම ආය එකතුවෙලා ඒ හදන සර්වපාක්ෂික ආණ්ඩුවෙන් ජනතාවාදී දේශපාලන වැඩපිළිවෙළක් සහ ආර්ථික වැඩපිළිවෙලක් මඟින් අපේ රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් උපරිම සහන ලබා දෙන එකයි අපේ උත්සාහය.අපේ අද ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථකයි. විපක්ෂයේ අතිමහත් බහුතරය අපිත් එක්ක එකතු වුනා .මේ විදිහට ඉදිරියට අපේ විපක්ෂයේ සියළු කණ්ඩායම් පොහොට්ටුවේ නිදහස් මතධාරීනුත් අරගෙන නොබෝ දිනකින් මේ ආණ්ඩුව පෙරළා වෙනත් අපේ ආණ්ඩුවක් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලිය දක්වා ගමන් කරනවා.