අද ලක්ෂ ගණනක් ජනතාව තෙල්ටික ගහන්න දුක් විදිමින් දවස් දෙක තුන පෝලිම් වල ඉන්න බව  විපක්ෂ නායක කාර්‍යාලයේ අද (21) පස්වරුවේ පවතී මාධ්‍ය හමුව දී සජබ මහ ලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  සජබ මහ ලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර මහතා.

ස්වාධීන වූ කණ්ඩායම හැර විපක්ෂයේ සියලුම පක්ෂ තීරණය කළා මේ සතිය පාර්ලිමේන්තුව වර්ජනය කරන්න.ඇයි අපි වර්ජනය කරන්නේ ජනතාවගේ කරුණු කොච්චර ඉදිරිපත් කරත් අද රජය අපොහොසත් වෙලා තියෙනවා මේ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු ටික සපුරන්න. අද ජනතාව පෝලිම් වල තෙල් ගහන්න ලක්ෂ ගණනක් දුක් විදිමින් දවස දෙක තුන ඉන්නවා. ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැහැ තෙල් ටික දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා සති තුනක් දුක් විඳින්න වෙයි කියලා ඊළඟ සති තුන ඇවිල්ල ඕකමයි කියන්නේ. ඒවා ගන්න විදියක් ගේන විදියක් නෑ. අනාගතයේ කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ කියලා ආණ්ඩුව කියන්නේ නෑ. ඒ වගේම ගොවියන්ට පොහොර ටොන් ලක්ෂ හයක් ඕන උනාම 65,000 ගෙන්න හදලා කියනවා පොහොර ප්‍රශ්න විසඳුවා කියලා. අවුරුදු දෙකහමාරක් මේ රටේ දරුවන්ට අනාගත පරම්පරාවට රටේ තියෙන හොඳම ආයෝජනය වන දරුවන්ට පාසල් වහලා උගන්වන්නේ නැතුව විභාගෙට යන්න වෙලා. අපි කරන්නේ අසමත් ආණ්ඩුව විරෝධය දක්වන්නයි. පාර්ලිමේන්තුවට ගිහිල්ලා කොච්චර කිව්වත් ඒ ගැන ආණ්ඩුව අවධානය යොමු කරන්න පියවර ගන්නේ නෑ.

අද හෙලි වුණා ගෑස් ගන්නෙත් කොමිස් වලට කියලා .එහෙනම් මෙතන දූෂණයක් වෙනවා තෙල් ටික ගේද්දි තෙල් කොමිස් එකට අමතරව ප්‍රමාද නැව් ගාස්තු වලින් වැඩිපුර කොමිස් ගහනවා කියලා ආරංචියි. අපි රජයට විරුද්ධත්වය දක්වන්නයි අද වර්ජනය කළේ.

මේ ජනාධිපතිවරයාට මං දන්නේ නෑ මානසික ලෙඩක්ද කියලා . මට 69 ලක්ෂයක වරමක් තියෙනවා තව අවුරුදු දෙකක් ඉන්නවා කියනවා. අපි අහනව ජනාධිපතිවරයා හමුදාවෙන් යද්දි කියලා තිබුණා මානසික ලෙඩක් කියලා. මං හිතන්නේ ඒ ලෙඩ තාම තියෙනවා. අද ලක්ෂ නමයක් වත් ජනාධිපතිට නැහැ.ජනතාව දිගින් දිගටම යන්න කිව්වා උද්ඝෝෂණ කළා. පාර්ලිමේන්තුවේ කතා කළා මොනවද ජනාධිපති කළේ සැරෙන් සැරේට කැබිනට් මණ්ඩලය මාරු කරන එක. දැනට තුන් වතාවක් මාරු කරා.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් දේශපාලනයෙන් බින්දුවට බැස්ස නායකයෙක් ඒ නායකයා ගිහිල්ලා ජනාධිපතිවරයා බේරගන්න අගමැතිකම බාරගත්තා. ආණ්ඩුක්‍රම විවස්ථාවේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩිදෙනාගේ කැමැත්ත තියෙන කෙනා අගමැති කරන්න කියලා. දැන්නම් අඩුම කැමැත්ත තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. එතුමා කිව්වේ ඩොලර් බිලියන 5ක් අරගෙන එනවා කියලා .දැන් මාස දෙකකට ආසන්නයි තවම සත පහක් ගෙනල්ල නෑ. ජනතාවගේ ප්‍රශ්න එතනමයි තෙල් මිල දවසින් දවස වැඩි වෙනවා. ගෑස් මිල දවසින් දවස වැඩි වෙනවා. ඒව ගන්නත් නෑ බඩු මිල දවසෙන් දවස වැඩි වෙනවා. අපි අහනවා කෝ ඒවට උත්තර .අපි තීන්දු කරා රටේ ජනතාවගේ හඬ වෙනුවෙන් මේ ආණ්ඩුව ගෙදර යන්න කියන්න. ජනාධිපතිට ගෙදර යන්න කියන්න පාර්ලිමේන්තුව සතියකට වර්ජනය කරන්න .සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙතැන දී කිව්වා මේ ආණ්ඩුව රටේ ජනතාව පිළිගන්නේ නෑ මේ ආණ්ඩුව ලෝකය ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ අපි සියලු දෙනාම දන්නවා මේ රට ගොඩගන්න ගින්නෙ නැති කරන්න බෙහෙත් ටික ගන්න ජාත්‍යන්තරයත් පිළිගන්න කණ්ඩායමක් එන්න ඕන කියලා . අද තියෙන්නෙ අටවගත්ත ආණ්ඩුවක් පොහොට්ටුවේම කට්ටිය අපේ දෙන්නෙක් එක්ක ආණ්ඩුවක් පිහිටුවා ගත්තා එහිදී මේ රටේ මහා සංඝරත්නය කිව්වා පූජකවරුන් කිව්වා රටේ ඉන්න සියලු දෙනා කිව්වේ ඔක්කොම එකතුවෙලා ආණ්ඩුවක් පිහිටුවා රට බේරගන්න කියලා .ඒක තමයි සජිත් මහත්තයා කිව්වේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන්න අපි ලෑස්ති ඒකට නායකත්වය දෙන්න කියලා . මේ පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ එකතුවෙලා මේකට නායකත්වය දෙන්න කැමතිනම් රට බේරගන්න කටයුතු කරන්න කැමති කිව්වා .ඒක නිසා තමයි අපි පාර්ලිමේන්තුවෙන් වැඩි පක්ෂ ගණනක් විදියට සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ පක්ෂ ,කුමාර වෙල්ගම මහතාගේ පක්ෂය ,හෙළ උරුමය පාඨලී චම්පික මැතිතුමා ඇතුළු සියලු දෙනාම අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවෙන් එළියට ආවේ. මේ රජය ගෙන යන වැඩපිළිවෙළට විරුද්ධව නැවත අපි සියලු දෙනා එකතුවෙලා මේ රටේ යම් දෙයක් කරන්න සූදානම් කියන පණිවිඩය දෙනවා අපි ආණ්ඩුවට කියනවා. කරුණාකරලා මේ ප්‍රශ්න විසඳන්න බැරි නම් විසඳන්න පුළුවන් කෙනෙකුට දෙන්න ජනාධිපතිට කියනවා මේ ජනාධිපතිත් එක්ක වැඩ කරන්න අපි ලෑස්ති නෑ .මානසික ආබාධයක් තියෙන පොහොර තහනම් කරපු රටේ මිනිස්සු තමන්ට ඉන්නවා කියන මානසික ලෙඩක් තියෙන ජනාධිපතිවරයෙක් වහාම අස්විය යුතුයි මේ රට මේ තත්වයට පත්කළේ මේ ජනාධිපතිගේ ක්‍රියාදාමයන් නිසා මේ ජනාධිපති ගත්ත මෝඩ තකතීරු නිසා මේ රටේ හොරකම වංචාව නිසා අපි ඒ ජනාධිපතිට කියනවා අස්වෙන්න කියලා. අපි බලාගෙන ඉන්නවා ආණ්ඩුවේ 21 වන සංශෝධනය ගේනකම්. අද ආණ්ඩුවත් පොදුජන පෙරමුණේ විපක්ෂයත් පොදුජන පෙරමුණේ බව පැවසීය .