ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එජාපය සහ සජිත් ප්‍රේමදාස මහතාගේ සජබය අතර ඇති වෙනස එස්.එම්. මරික්කාර් මහතා ඊයේ (01) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.

වර්තමානයේ ගෙන ඒමට උත්සහ කරන විකාශන අධිකාරී පනත තුලින් ආණ්ඩුවට අවශ්‍ය තොරතුරු පමණක් සමාජගත කර ජන මනස අවුල් කිරීමට ගෙන එන පනතක් බවත් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු කල සමයේත් මෙවැනිම මර්ධනකාරී පනතක් ගෙන ඒමට උත්සහ කල බවත් එස් එම මරික්කාර් පැවසීය.

එතුමා වැඩිදුරටත් පැවසුවේ එම ඊනියා විකාශන අධිකාරී පනතට එරෙහිව අධිකරණය හමුවට යන බවකි.