ජාත්‍යන්තර යෝගා දිනය අදට (21) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් අද උදෑසන කොළඹ නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රයේදී පැවති යෝගා වැඩසටහනට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්විය.

එය සංවිධාන කර තිබුණේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසිනි.

යෝගා වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියේය.

සුසිල් ප්‍රෙම්ජයන්ත්, කංචන විජේසේකර, රොෂාන් රණසිංහ යන අමාත්‍යවරුන් මෙන්ම එම්.ඒ. සුමන්තිරන් සහ මනෝ ගනේෂන් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද යෝගා වැඩසටහනට එක්ව සිටියෝය.

වැඩසටහන සඳහා සහභාගිවූවන්ට අග්‍රමාත්‍යවරයා විසින් සහතික පත්‍ර සහ සමරු තිළිණ පිරිනැමීය.