අද වන විට රට ඉතාමත් භයානක තැනකට යමින් වගේම රාජපක්ෂ පවුල විසින් ඊට වඩා භයානක තැනකට තල්ලු කරමින් සිටින බව අද(14) විපක්ෂනායක කාර්යාලයේ පැවතිමාධ්‍ය හමුවට සහබාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසීය.

ඒ පිලිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ හෙක්ටර් අප්පුහාමි මහතා.

අද වන විට රට ඉතාමත් භයානක තැනකට යමින් වගේම රාජපක්ෂ පවුල විසින් ඊට වඩා භයානක තැනකට තල්ලු කරමින් සිටිනවා. මේ රටේ අරගලයක් තිබෙනවා ඒ ගැන කවුරුත් හිතන්නේ ගෝල්ෆේස් එකේ අරගලය කියලා ඒ විතරක් නෙමෙයි සමස්ත රටේම ජනතාව පෝලිම් වල දුක් විඳගෙන මැරිලා වැටෙනවා , කන්න නැතුව, පොහොර නැතුව, ගෑස් නැතුව, තෙල් සියල්ලම නැතිව දුක් විඳින මිනිස්සු සෑම ගෙදරකම සෑම ගමකම අරගල කරනවා .මේ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට තමයි සමස්ත රටේ ජනතාව බහුතරයක් 09 වැනිදා කොළඹට ආවේ. විශේෂයෙන්ම සමගි ජන බලවේගය විදියට එයට විශාල දායකත්වයක් ලබා දුන්නා ඒ වෙන කවුරුත් නිසා නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන රට ආරක්ෂා කරගෙන ජනතාව ජීවත් කරන්න ඕන කරන වැඩපිළිවෙළ සිදු කරන්නට. අපිට වගකීමක් තියෙනවා අපි එය ඉෂ්ට කළා.

එදා ජනතාව ඇවිත් මොනවද කිව්වෙ රනිල් ගෝඨාභය දෙන්නටම වහාම පලයන් කියලා. එසේ යන්න කිව්වේ ඇයි ඒ දෙන්නා මේ රට සම්පූර්ණම කඩා වට්ටලා විනාශ කරලා රට අන්ත දුගී දුප්පත් තත්වෙට පත් කරපු නිසා. ඒ විතරක් නෙමෙයි ඇයි ගෝඨාභයට යන්න කියද්දී රනිල්ටත් යන්න කියන්නේ වෙන කාරණාවක් නිසා නෙමෙයි රාජපක්ෂ පවුල ආරක්ෂා කරන්න ආරක්ෂකයෙක් හැටියට ආපු නිසා .ඒ නිසා එතුමා දැනගන්න ඕන දැන් අග්‍රාමාත්‍ය ධුරය ඉඳගෙන ජනාධිපති විදියට වැඩ බැලුවට සමස්ත රටේ ජනතාවගේ කිසිම කැමැත්තක් ආශිර්වාදයක් එතුමාට නැහැ. කතානායකතුමාට මේ මොහොතේ විශාල කාර්යභාරයක් තියෙනවා ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණාකරලා රටත් ජනතාවත් එක්ක තවදුරටත් සෙල්ලම් කරන්න එපා වහාම ඔබතුමාට තියෙන බලයත් එක්ක ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන ගමන් රටේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙල හරියට කරන්න.ඔබතුමාගේ ඉදිරිපත් කිරීම් සහ කතා කිරීම් නිසා රට ගිනි ගන්න පුළුවන් ඒ නිසා මාධ්‍ය හරහා ඇවිල්ලා කතා කරද්දී වගකීමෙන් කතා කරණ ලෙස ඉල්ලා සිටිනවා.

අද අපිට ආරංචි හැටියට ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොට ඉන්නේ මාලදිවයිනේ. දැන් මේ රටේ ජනාධිපතිවරු දෙන්නයි ගෝඨාභය රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ වැඩ බලන ජනාධිපති මේක ඉතිහාසයේ කවදාවත් වුණේ නැති විදිහට ජනාධිපති වරු දෙන්නෙක් ඉන්නවා ජනාධිපති පිටරටකට ගිහිල්ල නිවාඩුවක් අරගෙන වැඩබලන ජනාධිපති කෙනෙක් පත් කරන එකයි මේකයි වෙනස් නිවාඩුවක් ගත කරන්න බෙහෙත් ගන්න හෝ වෙනත් කාරණාවකට ගිහින් කරපු පත කිරීමක් නෙමෙයි මේක අසම්මතයක් වැරදි පූර්වාදර්ශයක් වැරදි ක්‍රමයක් ජනාධිපතිවරයාට යන්න කියලා කිව්වේ අස්වෙලා. ඒ වෙනුවට ජනාධිපති තාමත් ජනාධිපති විදියට ඉඳගෙන තවත් රූකඩයෙක් ජනාධිපති විදියට පත් කරලා බලය පවරා ගෙන ඒ බලය මේ රටේ අහිංසක ජනතාව මැඩපවත්වන්න පාවිච්චි කරන්න හදනවා. එහෙම කරන්න බැහැ මේ රටේ ජනතාව ඉල්ලන්නේ අපිට කන්න ටික අඳින්න ටික බෙහෙත් ටික තෙල් ටික පොහොර ටික පහසුකම් ටික දෙන්න කියලා. ඒ වෙනුවෙන් තමයි අරගල කරන්නේ හිතන්න එපා වෙන කණ්ඩායමක් කියලා ඒ නිසා අද තත්ත්වය අනුව අපි කතානායකවරයාට බල කරලා කියනවා කරුණාකරලා ඔබතුමාගේ වගකීම ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කිරීම නෙමෙයි මේ රටේ සමස්ත ජනතාව ආරක්ෂා කරන එකයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන එකයි උත්තරීතර පාර්ලිමේන්තුව ආරක්ෂා කරන එකයි ඇතුළුව මේ රටේ ක්‍රමවේදය හරියට සකස් කිරීම කථානායකගේ පූර්ණ වගකීමක් එය ඉෂ්ඨ කළ යුතුයි .ජනාධිපතිතුමා දීපු ලියුම කොහොමද ලියල තියෙන්නේ අද ජනතාව එළියට බැහැලා කෑගහන කියනවා රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය ඉල්ලා අස්වෙන්න කියලා හැබැයි ඒ ගැන වගේ වගක් නෑ කිසිම කල්පනාවක් නෑ .

අද ගෝඨාභය රාජපක්ෂ ගියා රනිල් වික්‍රමසිංහ අයින් වෙලා කතානායකවරයාට වැඩබලන ජනාධිපති හැටියට පත් කර ඉන් පස් පාර්ලිමේන්තුව තුළ ඡන්දයක් පවත්වා පාර්ලිමේන්තුවේ බහුතරය හිත දිනා ගන්න කෙනා පත්කරන ජනාධිපති විදියට පත්වී ඉන්පසු අග්‍රාමාත්‍යවරයා පත් කරගෙන රට නිවැරදි මාර්ගයකට ගෙනයෑමයි දැනට ව්‍යවස්තාවත් එක්ක තියෙන්නේ ඇයි ඒ දේ කරන්නේ නැතුව පරක්කු කරන්නේ.ඒ තුලින් පැයෙන් පැය විනාඩියෙන් විනාඩියට සම්පූර්ණම රට විනාශ මුඛයට යනවා. එහිදී මතක තියාගන්න නැවත නැවතත් රටේ ක්‍රියාත්මක වෙන්නේ රාජපක්ෂ න්‍යායපත්‍රය තවත් ගේම් ටිකක් ගහන්න සැලසුම් කරනවා වහාම එය නවත්තන්න හරි ක්‍රමයට යන්නයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හැම පක්ෂයක්ම එකට වාඩි වෙලා රට හදන වගකීම කරට අරගන්න ගමන් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ල රටේ සමස්ත ජනතාවට කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට එවගා කැමති කෙනෙක් රට පාලනය කරන වැඩපිළිවෙළට ඒ අවශ්‍ය කරන ක්‍රමවේදයට ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ නිසා රාජපක්ෂවරුන්ට විශේෂයෙන්ම කියනවා පවුලේ කට්ටියයි හිතවාදී වන සමහර පොහොට්ටු මන්ත්‍රීවරුන්ට වහාම ගහන ගේම් ටික නවත්තපල්ලා මේ ජනතාව වෙනුවෙන් .එසේ නැත්නම් රට මහා ලේ විලක් බවට පත් වෙයි එහිදී මන්ත්‍රීවරු ගැන පමණක් නෙමෙයි මේ ක්‍රමය ගැනත් කලකිරිලා විනාශ මුඛයට ගෙන යයි ඒකෙ වගකීම පවුල පිටින් ඉදිරියේදී අරගන්න වෙනවා ඉන් බැහැර වෙන්න බෑ.

අරගලයේ දී අපි දකිනවා සමහරු ඇවිත් අන්තවාදී මූලධර්මවාදී විදියට කණ්ඩායම් රිංගන්න හදනවා එහි ඇත්තටම ඉන්නේ බඩගින්නට බෙහෙත් ටික නැතුව පොහොර ටික නැතුව තෙල් පෝළිමේ ඉඳලා මැරිල වැටෙන අයගේ අය දුක් විඳින කණ්ඩායම් මේ රටේ ක්‍රමවේදයෙන් වැරදි දකින කණ්ඩායමක් අරගලයේ ඉන්නේ සැබෑ ලෙස මේ රට නිවැරදි මාර්ගයට යන්න ඕන කියන ඩායමක් අරගලය ඉන්නේ ඒක අස්සෙ කවුරුත් පක්ෂයක් නියෝජනය කරන්න බැහැ අපේ කණ්ඩායමත් ඒක අස්සෙ ඉන්නවා හැබැයි පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ සමස්ත රටේ ක්‍රමවේදයයි නියෝජනය කරන්නේ ඒ නිසා විශේෂයෙන්ම මතක් කරනවා ඒක ඇතුලෙත් කවුරුහරි පක්ෂ දේශපාලනය අන්තවාදී විදිහට ගේන්න හදනවා නම් ඒක විශාල වැරැද්දක් එය සිදුවිය යුතු නැහැ සිදුවිය යුත්තේ අපි සියලු දෙනා එකතු වෙලා අරගලයේ ලැබුණු ප්‍රතිචාර එක්ක ඒ අය දුන්නු යෝජනා ක්‍රියාත්මක කරන සූදානම් වීම ඒ යෝජනා සමග අපි ඉන්නවා අපි මේ වැඩපිළිවෙළ හදද්දි අපිට ඊළඟ ආණ්ඩුවේ ජනාධිපති වත් අගමැති වත්වෙන්න සිහින නැහැ අපි සූදානම් රට වෙනුවෙන් ලක්ෂ 55ක් ගත්ත සජිත් ප්‍රේමදාස මැතිතුමා පුංචි කාලයක් තුළ රටේ ජනාධිපතිවරයා හැටියට පත් වෙන්න විශේෂ බලයක් ජනතාව දී තියෙනවා හැට නමයක් ලක්ෂයක් දුන්න කෙනාට පස්සේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ නිසයි අපි සියලු දෙනාම ඉල්ලීමක් කරේ මේ වගකීම අපි බාර ගමු එය භයානක වෙන්න පුළුවන් එය සරල වෙන්නේ නැහැ නමුත් රට වෙනුවෙන් රට නැගිට්ටවලා ජනතාව ජීවත් කරන්න අවශ්‍ය වටපිටාව හදන වගකීම ජනතාව දීලා තියෙනවා ඒ ඉෂ්ට කරන්න අපි සූදානම් එයට කර අරින්න බෑ මේ වගකීම අපි භාරගන්න සූදානම් හැබැයි සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළින් ඒ ආණ්ඩුවේ සෑම පක්ෂ නියෝජනය වෙන විදියට අමාත්‍ය මණ්ඩලයේ වාඩි වෙන්න ඕන හැම කෙනෙක්ම රටේ වගකීම බාරගන්න ඕන කෙටි කාලයකට එය මාස හයක් හෝ අවුරුද්දක් වෙන්න පුළුවන් ඒ කාලය තුළ මේ රට සමබර විදියට කඩා වැටිච්ච නැවත නැගිට්ටවන්න උත්සාහය කළ යුතු වෙනවා කවුරුන් හෝ කියනවා නම් අපිට බෑ කියලා එය කරන්නේ අමු අමුවේ මේ රටේ මිනිස්සු මරා දාන එක කිසි කෙනෙකුට වගකීමෙන් බැහැර වෙන්න බෑ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඇවිල්ලා මේ රටේ වගකීම භාර ගත යුතුමයි අපි සියලු දෙනාටම ආරාධනා කරනවා පක්ෂයක් හැටියට සර්ව පාක්ෂික ආණ්ඩුවකට මේ රට කරමු පුංචි කාලයක් තුල ඊට පස්සේ ජනාධිපති අගමැති සියලු දෙනා විවස්ථාව අනුව පත් කරගෙන ඊළඟට මැතිවරණයකට යමු ගිහින් කියමු ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඡන්දයට ඉදිරිපත් වෙන්නේ කියලා එහිදී තමයි ජනතාවගේ නියම කැමැත්ත එන්නෙ ඒ අනුව ඊට පස්සේ පාර්ලිමේන්තුවක් හදමු ඉන්පසු රට කරමු මේ රට ක්‍රමවේද විනාශ කරපු දේවල් ගොඩක් තිබුණා රටේ වෙච්ච හොරකම් දූෂණ වංචා සියල්ල මිනීමැරුම් රටේ තිබිච්ච ක්‍රමයක් තමයි ජේෂ්ඨ කියන කණ්ඩායමක් ඇවිත් කාලයක් තිස්සේ ඇමැතිකම් කරලා නායකත්වය ගෙන රට විනාශ කරපු හැටි දැකලා තියෙනවා ඒ සියල්ලම වෙනස් වෙන ගමනක් සමගි ජන බලවේගය යන්නේ දක්ෂයන්ට නියම තැන දීලා අවශ්‍ය කරන වැඩ කටයුතු කිරීමයි සමගි ජන බලවේගය නායකයා ප්‍රමුඛ කණ්ඩායම තීරණය කරලා තියෙන්නේ. ඒ අනුව රට හදන එකේ ප්‍රධාන වගකීම ගන්න සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස සූදානම් අපි ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමමු මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරමින් ජනතාවගේ සිතුම් පැතුම් අවශ්‍යතා ඉටු කරන වැඩ පිළිවෙලක් සියල්ල එකට එකතු වෙලා නිර්මාණය කරමු.

ප්‍රශ්නය
අරගලයේ ඇතැමුන් කියනවා සජිත්ව ජනාධිපති කමට ගේන්න දඟලන්න එපා කියලා මේ තත්ත්වයට මුහුණ දෙන්නේ කොහොමද?.


මේ පාර්ලිමේන්තුවෙන් කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ එහෙමනම් අරගලයේ සියලුම අය නෙමෙයි ඔහොම කියන්නේ ඒ කියන අයට පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලෙන් කෙනෙක් යෝජනා කරන්න හැබැයි පාර්ලිමේන්තුවේ බහුතරය ඡන්දයෙන් තමයි පත්වෙන්නේ තුවක්කුව පෙන්නලා පත්වෙන්න බැහැ මරනවා කියලා පත්වෙන්න බැහැ පත්වෙන්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට පාර්ලිමේන්තුව ඇතුලෙන් පත් වෙන්න ඕන නිසා තමයි පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ටත් අපි කියන්නේ ජනතාවගේ කැමැත්ත මොකක්ද කියන එක තේරුම් අරගෙන ඡන්දය පාවිච්චි කරලා එන කෙනාට ජනාධිපති වෙන්න අවස්ථාව තියෙනවා අරගලයේ ඒ කියන කණ්ඩායමට අපි මතක් කරනවා නාමයෝජනා ඉදිරිපත් කරල තරගයට එන්න කියලා.

ප්‍රශ්නය
වත්මන් කතානායකයාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ස්ථීර නිගමන නැහැ ජනාධිපති ඉල්ලා අස්වෙනවා කියනවා ආයේ නැහැ කියනවා රටෙන් පිට වුණා කියනවා ආයේ නැහැ කියනවා එහිදී ඔබතුමාලා ගේ කාර්ය භාරය නිවැරැදිව ඉටු වෙනවා ද? ඒ වගේම දූෂණ චෝදනා සම්බන්ධ අය රට අතහැර යමින් තිබෙනවා ඒ සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කරනවා ද.?


අද වර්තමානයේ පවතින ප්‍රධානම ප්‍රශ්නය ඕකයි මේ රටේ ප්‍රධාන කණ්ඩායම රට ප්‍රජාතන්ත්‍රවාදය විදියට පාලන කර නැහැ රටේ ප්‍රධානීන් රටට පට්ටපල් බොරු කියලා රට විනාස කරලා ජනාධිපති කියන ධූරය ගැන නෙමෙයි මනුස්සය ගැන කියන්නේ රටට සම්පූර්ණ බොරුවක් කරනවා. අග්‍රාමාත්‍යවරයා විදිහටත් ඒ තනතුර නෙමෙයි රනිල් වික්‍රමසිංහ සම්පූර්ණ බොරුවක් කරන් කරනවා. කතානායක ධූරය නෙමෙයි පුද්ගලයා අද කියන කතන්දර නිසා රට සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා ඒ නිසා මේ තුන්දෙනාම රටේ විනාශයට බලපානවා ඒ වගේම දූෂකයන් රටෙන් පිට වෙලා යනවා ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් අපි හදලා තියෙන්නේ හැබැයි අපි පාලනයට එන්න යන්නේ සජිත් ප්‍රේමදාස ගෙනල්ලා ජනාධිපති කරන්න නෙමෙයි අපි එන්නේ සජිත් ප්‍රේමදාස එක්ක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න එකේ එකක් තමයි ඕක මේ රටේ සිදුවෙන ක්‍රියාදාමය සම්බන්ධ අනිවාර්යෙන්ම පියවර ගන්නවා.

අගමැතිවරයා ඉවත් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම විශ්වාසභංගයක් ගෙන වෙනවා එහිදී බලාගන්න පුළුවන් මේ රටේ සමස්ත ජනතාවට මේකේ හොරා කවුද හොඳ එක්කෙනා කවුද නතාවගේ ප්‍රශ්න වලට හිස නමලා ඒවාට විසඳුම් දෙන්නේ කවුද කියලා දැනගන්න පුළුවන්.