ස්කයි ක්‍රිකට් ඇකඩමියේ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට සුදුසුකම් ලබා ඇති අතර ඊට සහභාගී වීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔවුන් විසින්ම සපයා ගත යුතු විය.

කෙසේවෙතත් ආර්ථික අපහසුතාවයන් හේතුකොටගෙන ක්ෂිතිජ සදවින්න නම් තරුණ ක්‍රීඩකයා හට එම තරගාවලියට සහභාගී වීමට අපහසු තත්ත්වයක් උද්ගතව තිබියදී ඒ බව සැලවූ වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වී ඔහුට අවශ්‍ය මූල්‍යමය සහයෝගය ලබා දෙන ලදී.