ආණ්ඩුවේ සංක්‍යා ලේඛන දෙස බලන විට දිළිදුකම තව තවත් වාඩිවී තිබෙන බවත් ආයෝජකයින්ට රට තුලට පැමිණීමට සුදුසු පරිසරයක් නිර්මාණය වී නොමැති බවත් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා පැවසීය.

2019 වසරේදී පොදුජන පෙරමුණ ආණ්ඩු බලය ලබා ගැනීමත් සමග තුළ දැවැන්ත ආර්ථික අර්බුදයක් ඇති වූ බවත් ඒ තත්ත්වය තුල කොපමණ දුරක් රටක් විදියට යා හැකිද යන වග සිතා බැලිය යුතු බවත් 2019 රාජපක්ෂ පාලනය ආරම්භයේ ඉදන් මේ වනවිට ලෝකයේ විවිධ සංවිධාන අපේ රටේ ආර්ථිකය ගැන විග්‍රහ කර තිබෙන බවත් එම සංවිධාන ලංකාවේ කෘෂිකර්මය ආධී සංවේදී ක්ෂේස්ත්‍රයන්ට සිදුවී ඇති ව්‍යාසනය පිලිබදව තොරතුරු ඉදිරිපත් කර ඇති බවත්. අප රටක් ලෙස ආර්ථික වශයෙන් මෙන්ම අනෙකුත් ක්ෂේත්‍ර ඉස්සරහට යනවා ද නැද්ද කියන එක සියලු දෙනාටම වර්තමානය වන විට පේනන බවත් රටක් විදියට කොයිතරම් අමාරු තැනකට අපි තල්ලු වෙලාද යන වග මුජිබර් රහ්මන් මහතා පැවසිය.

එතුමා සදහන් කලේ මේ රටේ 2023 පළවෙනි කාර්තුවේදී ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව රටේ ආර්ථිකය සියයට 11.5 කින් ඇකිලිලා තිබෙන බවත් විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිකුත් කරපු වාර්තාවලට අනුව මාසයක පවුලක වියදම රුපියල් 76000ක් දක්වා ඉහළ ගිහින් තිබෙන බවයි. සියයට 20කින් පසුගිය වසරට වඩා වියදම වැඩි වී මේ වියදමෙන් සියයට 53ක් මේ රටේ ජනතාව වියදම් කරන්නේ ආහාර සඳහා බවත් රු 40000ක් කන බොන වියදම් සදහා පමණක් වියදම් කරන අතර ආහාර නොවන වියදම් සියයට 47ක් මේ රටේ ජනතාව වියදම් කරන බවත් ඒ වාර්තා අනුව පෙනී යන්නේ 23%ක් මිනිස්සු වියදම් කරන්නේ ණය ආපසු ගෙවීමට බවත්ය.