වත්මන් ආණ්ඩුව කුමක් දෙඩුවත් වර්තමානයේ ලංකාව තුල පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ජන සමාජයේ මව්වරුන්ට කොස් ඇට කා ජීවත් වීමට සිදු වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා සක්වල වැඩසටහනට සහභාගි වෙමින් පැවසීය.

පෝලිම් නැති බව පවසා පුරසාරම් දෙඩවූවද ලක්ෂ සංඛ්‍යාත ගණනින් ශ්‍රී ලාංකීය පුරවැසියන් විවිධ සීමාවන්ට යටත්ව ජීවත්වන බවත් එතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.