පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරන ප්‍රමිතියෙන් තොර එන්නත් වර්ගයක් රෝගීන් 2,000කට පමණ ලබාදී ඇති බවට සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය චෝදනා කරනවා.

එම සමගයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව සඳහන් කළේ, මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එය ප්‍රමිතියෙන් තොර මෙම එන්නත් වර්ගය ද ආන්දෝලනයට තුඩුදුන් හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ඖෂධය සැපයූ සමාගම මගින් ගෙන්වූ බව සඳහන්.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඊයේ (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මේ වනවිටත් එම එන්නත භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

එම ඖෂධය ලබාදුන් රෝගීන් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.