දැයේ දරුවන්ගේ නැණ පහන් දල්වන සක්වල සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ 50 වන සුහුරු පන්තිකාමරය අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් කඩුගොඩ කනිෂ්ට විද්‍යාලයේ දරුවන්ට පිරිනැමේ.

සක්වල 50 වන වැඩසටහන සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 2.00ට කඩුගොඩ කනිෂ්ට විද්‍යාල භූමියේදී පැවැත්වෙන අතර සමගි ජන බලවේගයේ ක්රියදරයින් සහ කඩුගොඩ ප්‍රදේශවාසින් රැසක් මෙම වැඩසටහනට සහබාගී වීමට නියමිතව ඇත.

2023 වසරේදී ආණ්ඩුව විසින් යෝජිත, නමුත් ක්‍රියාත්මක නොකරන ලද අයවැය පොරොන්දු නැවත නැවතත් ලබාදෙමින් ජනතාව මුලා කරමින් සිටින අවදියක smart දරු පරපුරක් උදෙසා සජිත් ප්‍රේමදාස මහතාගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන සක්වල ව්‍යාපෘතිය දිගින් දිගටම ක්‍රියාත්මක වන අතර වීපක්ෂ නායකවරයා මේ තුලින් සුවහසක් ශ්‍රී ලංකික ජනයාගේ විශ්වාසය දිනාගනිමින් තිබේ.

සක්වල