අද වන විට රට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත් ජනතාව ඉල්ලුවේ කැබිනට් මණ්ඩලයේ වෙනසක් නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස් වීම බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි .

ජනාධිපතිවරයා ඉවත් කරන සටන අත්නොහරින බවත් රටපුරා සැම මැතිවරණය කොට්ටාශ නගරයකම බ්‍රහස්පතින්දා උදේ 10ට විරෝධතාවයක් පවත්වන බව ද, මහලේකම්තුමා කියා සිටියේය . ඒ සදහා සියලුදෙනාට ආරාධනා කළ සිටියේය .

ආණ්ඩුවට විරෝධය දැකවීමට සැම නිවසකම කලු කොඩියක් ඔසවන ලෙස ද, රංජිත් මද්දුම බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය .

ආණ්ඩුව පලවා හැරිමට ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් 60ක් විපක්ෂයට එක්වෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි .