අද වනවිට රට ජනතාව රෑට නිදා ගනු ලබන්නේ තම නිවාස වල නොව ඉන්ධන ,ගෑස් පෝලිම් වල බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසා සිටියේය .

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,

“ඊයේ රෑ ඉදන් ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ දෙයක් සිදුවුණා පෙට්‍රල් ඩීසල් මිල ගනන් නැවතත් ඩීසල් රුපියල් 75කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් මේ මිල වැඩි වීම. ඒත් එක්ක මේ රටේ සෑම භාණ්ඩයක්ම සේවාවන් වල මිල ගණන් වැඩි වෙනවා .මේකෙන් වාහනයක් සයිකලයක් තියෙන අයට පමණක් නෙමෙයි පාන් ගෙඩියේ ඉදන් හැම භාණ්ඩ හා සේවා මිල ගණන් වැඩි වෙනවා. මේ ආණ්ඩුව ජනතාව කණගාටුදායක තත්වයකට පත් කරලා.

අද වනවිට පෙට්‍රල් ලීටරයක් ගන්න දින දෙක තුනක් පෝලිමේ ඉන්න වෙලා. රටේ ජනතාව රෑට නිදාගන්නේ ගෙවල් වල නෙමෙයි පෝලිම්වල වාහනය තුළ පෙට්‍රල් ඩීසල් පමණක් නෙමෙයි ලාම්පුතෙල් ටික ගන්නත් පැය ගණන් දින ගණන් පෝලිමේ විදුලිය පැය දහයක් කපනවා අපි මේ ආණ්ඩුවට කිව්වා මේ වගේ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා ඒ වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගන්න කියලා හැබැයි ඒ තීන්දු තීරණ ගත්තෙ නෑ. ඒක සමච්චලයට ලක් කළා අපි කිව්ව යෝජනා තර්ක වලට හිනා උනා අපි කිව්වේ අවුරුදු තුනකට කලින් ඩොලර් එක පාවෙන්න ඉඩ හරින්න කියලා කළේ නැහැ බලහත්කාරයෙන් 203 ට හිරකරගෙන හිටියා බැරිම තැන අවුරුදු දෙක හමාරකට පස්සේ ඒක 230 වුණා දවසෙන් 260 වුණා හැබැයි ඒත් ඩොලර් නැහැ. ඩොලර් උණ්ඩියල් ක්‍රමයට ගන්නවනම් 305යි 310යි ඩොලර් ගන්න වෙලා තියෙන්නෙ ඒකයි යථාර්ථය අපි මේ ගැන කිව්වේ මේ ආණ්ඩුවට මීට අවුරුදු තුනකට කලින් හැබැයි පණ්ඩිත උද්ච්ච ආණ්ඩුව ඒ ගැන අවධානය යොමු කළේ නැහැ”

යැයි මන්ත්‍රීවරයා ඊයේ විපක්ෂ නායක කාර්‍යලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය .