ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දින පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කර රාජාසන කතාවෙහි ගොවීන්ට ගිය වසර දෙකේදී පොහොර නොමිලේ දුන් බව ප්‍රකාශ කර නමුත් සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණි කවීරත්න මහත්මිය කියා සිටියේ ගොවින්ට පොහොර නොමිලේ ලැබුණ ද යන්න ගොවීන්ගෙන් ඇසිය යුතු බවයි .

2020 මැයි මස වන විට ඩොලර් ප්‍රශ්නය නිසා පොහොර ආනයනය කිරීම අඩු කළ බවද මන්ත්‍රීවරිය කියා සිටියාය .

රුපියල් 50ක සහතික මිලක් වී වලට ලබාදුන් බව පැවසූ නමුත් හම්බන්තොට තිස්සමහාරාමයේ වී මිල රුපියල් 110 දක්වා ඉහළ ගිහින් ඇත්තේ ආණ්ඩුවේ කෘෂිකාර්මික ප්‍රතිපත්තිය නිසා බවද රෝහිණි කවිරත්න මන්ත්‍රීවරිය කියා සිටියාය .

ජනාධිපති ඊයේ සිදුකර කතාව පාර්ලිමේන්තුවේ එළියේ එනම් ගම සමග පිළිසදරට ගොස් ජනතාවට කියන ලෙසද පැවසූ මන්ත්‍රීවරිය එවිට
ගොවියන් විසින් ජනාධිපතිවරයාට පිළිතුරු ලබා දෙයි බවද කියා සිටියාය .

වර්තමාන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරකමයි පම්පෝරියයි ලේකම්වරු මරු කිරිම බවද මන්ත්‍රීවරිය කියා සිටියාය

මෙම අදහස් දැක්වූයේ අද (20) පාර්ලිමේන්තුවේ දීය .

සටහන – CJ