මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් අන්තර්ජාලය ආරක්ෂාව උදෙසා බව පවසමින් ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත’ යන්නෙන් නව පනතක් හඳුන්වාදී තිබේ එම පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන ඇති අතර නීතිපතිවරයාගේ නිෂ්කාශනයෙන් අනතුරුව රජයේ ගැසට් පත්‍රයේ පළකර තිබේ.
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීම, යම් ප්‍රකාශයක් හෝ සිද්ධියක් මාර්ගගත ලෙස සන්නිවේදනය කිරීම තහනම් කිරීම, තහනම් කාර්යයන් සඳහා මාර්ගගත ගිණුම් සහ ව්‍යාජ මාර්ගගත ගිණුම් භාවිත කිරීම වැළැක්වීම සඳහා ද ශ්‍රී ලංකාව තුළ තහනම් කාර්ය සඳහා භාවිතා කරනු ලබන මාර්ගගත ස්ථාන හඳුනාගැනිම සඳහා සහ ප්‍රකාශයට පත් කිරිම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණ සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි,”යි එහි සඳහන් වේ.
මෙම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය යනුවෙන් හදුන්වා දී තිබෙන පනතෙන් මාර්ගගත ක්‍රම උපයෝගී කරගනිමින් සිදුකල හැකි සහ එම පනතින් දඩුවම් නියම කල හැකි වරදී කිහිපයක්ම සදහන් කොට තිබේ. එම වරදී පහත ආකාරයෙන් සදහන් කර තිබේ.
- ශ්‍රී ලංකාව තුළ සිද්ධියක් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ සන්නිවේදනය කිරීම.
- අපහාසයට හේතුවන අසත්‍ය ප්‍රකාශ සිදු කිරීම.
- අසත්‍ය ප්‍රකාශ මඟින් කැරලි ගැසීමක් සිදු කිරීම සඳහා නිකරුණේ ප්‍රකෝප කරවීම.
- අසත්‍ය ප්‍රකාශ මඟින් ආගමික රැස්වීමකට බාධා කිරීම.
- ආගමික හැඟීම්වලට රිඳවීමේ ඒකාන්ත චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම.
- ආගමික හැඟීම් නිග්‍රහයට පාත්‍ර කිරීම සඳහා ඒකාන්තයෙන් සහ ද්වේශ සහගත ලෙස අසත්‍ය ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම.
- මාර්ගගත ක්‍රම හරහා අසත්‍ය සන්නිවේදනය කිරීමෙන් වංචා කිරීම.
- අනෙකෙකු ලෙස පෙනී සිටීමෙන් වංචා කිරීම.
- සාමය කඩ කිරීමක් සිදු කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්ම අසත්‍ය ප්‍රකාශයක් මඟින් චේතනාන්විතවම නින්දා කිරීම.
- කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් ආදිය සිදුකිරීමට සැලැස්වීමේ චේතනාවෙන් අසත්‍ය ප්‍රකාශයක් සංසරණය කිරීම.
- හිරිහැර සිදුකිරීම සඳහා සිද්ධි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම.
- ළමා අපයෝජන.
- වරදක් සිදු කිරීම සඳහා ‘බොට්’ සෑදීම හෝ අවභාවිතා කිරීම.
- කොමිෂන් සභාවේ විධානයකට අනුකූලව කටයුතු කිරීම පැහැර හැරීම.
ඉහත සදහන් කරුණු වලින් එකක් හෝ සිදුකිරීම මෙම පනත යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් වන අතර දඩුවම් වශයෙන් බන්ධනාගාර ගතකිරීමක් හෝ දඩ මුදල්ක් නියම කිරීමක් හෝ එම දඩුවම් දෙකම එකවර ලබාදීමක් හෝ විය හැකිය.
කොමිසන් සභාවේ සාමජිකයන් අතරින් කෙනෙකු එහි සභාපතිධුරයට පත්වන අතර සභාපතිවරයා තීරණය කිරිමේ බලය මෙන්ම කොමිසමේ සාමාජිකයන් ඕනෑම අවස්ථාවක ඉවත් කිරිමේ බලය ජනාධිපතිවරයා සතු වේ.
මෙම පනත නියෝජිතයින් පස්දෙනෙකුගෙන් සමන්විත කොමිෂන් සභාවක් යටතේ පාලනය වන අතර එම නියෝජිතයින් සියලුදෙනාම පත්කිරීමේ පුර්ණ බලය ඉහත සදහන් ආකාරයෙන් ජනාධිපතිවරයා සතු වේ. ඒ අනුව ඉහත වැරදී යැයි සදහන් කරුණු වල අන්තර්ගත “අසත්‍ය ප්‍රකාශ, අපහාස කිරීම්, කැරළි ගැසීම, කැරැල්ලක් හෝ රජයට විරුද්ධව වරදක් සිදුකිරීම ආධී සියලු සදහන් වැරදි. වැරදි ලෙස අර්ථකථනය කරනු ලබන්නේ ජනාධිපතිගේ අභිමතය පරිදි කොමිෂන් සභාවට පත්කරනු ලබන නියෝජිතයින් විසිනි.
පසුගියදා හිටපු නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා කියා සිටියේ,
හුදෙක්ම වගකිවයුතු පාර්ශ්වයන් සමග සාකච්ඡා නොකොට හොර රහසේම ගෙනැවිත් ඇති මෙම පනතේ අරමුණ අන්තර්ජාලයේ සුරක්ෂිත භාවය සුරැකීමවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතබව ආරක්ෂා කිරීමවත් නොව සමාජ මාධ්‍ය මර්ධනය කිරීමයි .
සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පැවසු අදහස්,