එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා සහ යුනිසෙෆ් ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නියෝජිත එමා බ්‍රිහාම් මහත්මිය අද (20) කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය.

වර්තමානයේ පවත්නා අර්බුදකාරී අර්බුදකාරී තත්ත්වය හේතුකොටගෙන ළමා පරපුර මුහුණ දී සිටින ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස විපක්ෂ නායකතුමා එම නියෝජිත පිරිස ඉල්ලා සිටියේය.