සංචාරක කර්මාන්තය හරහා ඩොලර් බිලියන 4.5 ක වාර්ෂික ආදායමක් උපයාදෙන බවත් ලක්ෂ 5කට අධික පිරිසක් ඍජු රැකියා මෙන්ම ලක්ෂ තිහකට වැඩි පිරිසක් වක්‍ර රැකියා ද ලබා ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා එවන් ක්ෂේත්‍රයක් අද වෙන විට පරණ පත් වල අර්බුද රැසකට මුහුණ දී ඇතැයි පැවසීය. සාමූහික ප්‍රයත්නයකින් සහ විධිමත් වැඩපිළිවෙළකින් එම ක්ෂේත්‍රය ගොඩනැගිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක් අවශ්‍ය බවද පැවසීය.

සංචාරක ක්ශේත්‍රය නියෝජනය කළ නියෝජිත පිරිසට මෙන්ම සංචාරක ක්ශේත්‍රය පිලිබදව සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්පාදන මණ්ඩලයට ඒ සදහා විශාල වැඩකොටසක් පැවරී ඇති බවද විපක්ෂ නායකතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය අද වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව සහ එම තත්වෙන් සංචාරක කර්මාන්තය ගොඩක් ගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් අද (19) ඇතිවිය. ඒ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ දී ය. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ නියෝජිත පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර එම හමුව සිදුවිය.