සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් තම ආර්ථික යුක්තිය ඉටුකර ගැනීම සඳහා ලබා දුන් කාලය අදින් (27) අවසන් වන බව එම සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පවසනවා.

ඔහු සඳහන් කරන පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගය ඔවුන් අතහැරියේ සෞඛ්‍ය ලේකම්වරයා දින 10ක කාලයක් ඔහුට එම ගැටලුව විසඳීමට ඉඩ ලබා දෙන ලෙස කළ ඉල්ලීම අනුවයි. කෙසේවෙතත් එම කාලය තුළ සිය ගැටලුව සඳහා මේ දක්වාත් විසඳුම් ලැබී නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන අතර සිය ඉල්ලීම් දිනාගැනීම සඳහා අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම සම්බන්ධයෙන් අද කොළඹ දී රැස්වන වෘත්තීය සමිති නායකත්ව මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතව ඇති බව කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.