මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් ඇත්තේ පවතින ඩොලර් අර්බුදයෙන් මිදීමට ඩොලර් ණයක් ඉල්ලා සිටීමට බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරයි.

ඛණිජ තෙල් මිලදී ගැනීමට ආණ්ඩුව දැනටමත් ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ඉල්ලා ඇති අතර ඊට අමතරව තවත් ඩොලර් බිලියන 1.4ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීම ගැන මෙහිදී සාකච්චා කිරීමට නියමිතව තිබුණි.

බංගලාදේශයෙන් ඩොලර් ණයට ගත් ආකාරයට හුවමාරු ණය පහසුකමක් ලෙස මෙම ණය මුදල ඉන්දියාවෙන් ලබාගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරයි. ලබන වසරේ මැද භාගය වන විට ඩොලර් බිලියනකට අධික ණය මුදලක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇති අතර ඩොලර් අර්බුදයෙන් පසුව ආණ්ඩුව එයින් යම් තරමකට හෝ මිදීමේ අරමුණින් ඉන්දියාවෙන් නැවත වරක් ණය මුදල ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් මෙම ණය මුදල ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව මේ වන තෙක් යහපත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද වැඩිදුරටත් අනාවරණය වේ.