මහ මැතිවරණයක් අවශ්‍යනම් ඒ පිළිබඳව ලිඛිත ඉල්ලීමක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබෙන බවත් එම ප්‍රකාශය හරහා ඔහු උත්සහ කරන්නේ තමා ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙයක් බව පෙන්වීමට බවත් නමුත් අභ්‍යන්තර තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂගේ අභිමතය පරිදි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

අද (18) කොළඹ විපක්ෂ නායක කර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,

“ජනාධිපතිවරයා පොහොට්ටුවේ බහුතරය ලබාගැනීමට මේ වනවිට වෙනම ව්‍යාපාරයක් ආරම්භ කරලා තිබෙනවා. ජනාධිපතිවරයා උත්සහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදි කියන ලේබලය අලවා ගන්නා. පැවැත්විය යුත්තේ කුමන මැතිවරණයක්ද කියලා අභ්‍යන්තර තීන්දු තීරණ ගන්නේ බැසිල් රාජපක්ෂ. ජනාධිපතිවරයා දන්නවා ඔහුට ඉතිරි කාලය රැදි සිටිමට සිදුවන්නේ පොහොට්ටුවේ බහුතරයකගේ කැමැත්ත ගත්තොත් විතරයි. බැසිල් රාජපක්ෂ අදින නූලට අනුව තමයි ඉදිරියේ සිදුවන්නේ කුමක්ද කියලා තිරණය වෙන්නේ. මැතිවරණ පවත්වන්න සල්ලි නැ කියපු ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය කල් දාලා ඇඟ බේර ගත්තා. දැන් තමන්ගේ බලය රැක ගැනිමට මැතිවරණ දෙකම තියන්න සුදානම් කියලා ආණ්ඩුව ප්‍රකාශ කරනවා”