ඇමරිකාවේ වේලාවෙන් නොවැම්බර් 15 වැනිදා, චීන ජනාධිපති Xi Jinping මහතා සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පිහිටි ෆිලෝලි වතුයායේදී ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා සමඟ හමුව පැවැත්වුණා.

Joe Biden_Xi Jinping

ජෝ බයිඩන් ජනාධිපතිතුමා බාලි දූපතේදී හමුවී වසරක් ගත වී ඇති බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී සිහිපත් කර ඇති අතර ගෙවී ගිය වසර තුළ, බොහෝ දෑ සිදු වූ බව ද සදහන් කර තිබේ.

කොවිඩ් වසංගතයෙන් පසු ලෝකය යළි ප්‍රකෘතිමත් වී ඇතත් වසංගතයෙන් මතුවූ විශාල බලපෑම්වලට තවමත් මුහුණ දෙමින් සිටී. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියද එහි ගම්‍යතාවය ප්‍රමාණවත් නොවේ. කාර්මික හා සැපයුම් දාමයන්ට විවිධ බාධා එල්ල වී ඇති අතර ආරක්ෂණවාදය ද ඉහළ යමින් පැවතීම කැපී පෙනේ.

ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතාව වන චීන-ඇමරිකා සබඳතාව, ගෙවුණු සියවස තුළ පෙර නොවූ විරූ අයුරෙන් වේගයෙන් වෙනස්වන ලෝක ස්වභාවයන් සලකා නිසි ලෙස සැලසුම් කළ යුතුය. එමෙන්ම, දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතරම මානව දියුණුව වෙනුවෙන් දෙපාර්ශ්වයම වගකීම දැරිය යුතු බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ගෙවී ගිය වසර 50කට වැඩි කාලයක් තුළ, වරින් වර විවිධ ප්‍රශ්න මතු වුව ද චීන ඇමරිකා සබඳතාව අඛණ්ඩව ඉදිරියට යමින් වර්ධනය වී ඇති බව ෂී ජින්පිං මහතා පැවසීය. මෙවැනි ප්‍රබල රටවල් දෙකක් අතර සබඳතා නොපැවතීම සිදු විය නොහැකි දෙයක් වන අතර එක රටක් අනෙක් රට වෙනස් කිරීමට උත්සාහ දැරීම යථාර්ථවාදී නොවේ. ගැටීමේ ප්‍රතිඵලය කිසිදු පාර්ශ්වයකට භාර ගත නොහැකි බව හෙතෙම අවධාරණය තිබේ.

ෂී ජින්පිං මහතා සිය මතය යළි ප්‍රකාශ කරමින් පැවසුවේ ප්‍රබල රටවල් අතර තරඟ කිරීම නූතන යුගයේ හරය බවට පත් නොවන බවයි. තරඟය ඔස්සේ චීනය, ඇමරිකාව හා ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳිය නොහැකි ය.  චීනය හා ඇමරිකාවේ පැවැත්මට පෘථිවියේ ප්‍රමාණවත් අවකාශයක් පවතී.

දෙරටේ සාර්ථකත්වය එකිනෙකාට අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ‌‌‌ඉතිහාසය හා සංස්කෘතිය, සමාජ ක්‍රම, සංවර්ධන ක්‍රියාමාර්ග යනාදියෙන් චීනය හා ඇමරිකාව අතර වෙනස්කම් තිබේ. එහෙත් අන්‍යෝන්‍ය වශයෙන් ගරු කිරීම, සාමකාමී සහපැවැත්ම, සහයෝගිතාවෙන් පොදු ජයග්‍රහණය ලබා ගැනීම දෙපාර්ශ්වය අනුගමනය කළහොත් මතභේද ඉක්මවා ප්‍රබල රටවල් දෙකක සබඳතාව මනාව පවත්වා ගැනීමේ නිවැරදි ක්‍රමය සොයා ගත හැකි ය. දෙරටේ සබඳතාවට දීප්තිමත් අනාගතයක් ඇති බව ද ෂී ජින්පිං මහතා විශ්වාසය පළ කළේය.

චීන ඇමරිකා සබඳතාවේ නියමුවන් ලෙස තමාට හා ජෝ බයිඩන් ජනාධිපතිතුමාට, ජනතාව, ලෝකය හා ඉතිහාසය වෙනුවෙන් දැවැන්ත වගකීම් සම්භාරයක් ඇති බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ජෝ බයිඩන් මහතා සමග දෙරටේ සබඳතාව පිළිබඳ ක්‍රමෝපායීය, පූර්ණ දෘෂ්ඨිය මෙන්ම දිශානනික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් මෙන්ම ලෝක සාමය හා සංවර්ධනයට සම්බන්ධ වැදගත් ප්‍රශ්න පිළිබඳව ද අදහස් හුවමාරු කරමින් නව එකඟතාවන්ට එළඹීමට හැකි වෙතැයි ෂී ජින්පිං මහතා අපේක්ෂා පළ කළේය.