ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමට එරෙහිව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානි හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වත්තලදී විරෝධතාවයක් පැවැත්වුණි .

එහිදී අදහස් දැක්වූ හරීන් මෙසේද පැවසීය.

ජනතාව ජීවත් වන්නේ දැඩි අර්බුදයකයි.මේ අරගලය මේ තත්ත්වය හෙළා දැකීමටයි.
හැමෝම සූදානම් වෙන්න.

ගෝඨාභය !මහින්ද!බැසිල්!නාමලේ!
මතක තියාගන්න තව මාසයක් විතරයි තියෙන්නේ.ඊට පස්සේ අපි මැයි මාසේ එනවා ආණ්ඩුව පලවා හැරිමට බවද, හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කියා සිටියේය .

මෙම අවස්ථාවට හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා හා ආනන්ද පාලිත මහතා ද, එක්ව සිටිය අතර ප්‍රදේශයේ විශාල පිරිසක් පන්දම් පත්තු කරමින් ආණ්ඩුවට විරෝධය පළ කළෝය .